-1.6 C
New York

අන්තර්ජාලය මට්ටු කරන පනතට, කැබිනට් අනුමැතිය

Published:

නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳ පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයාගේ නිෂ්කාශනය ලැබී තිබේ

රජය පවසන්නේ මෙම පනත මගින් අසත්‍ය ‍‌තොරතුරු ප්‍රචාරය හා ද්වේශසහගත හැසිරවීම් මගින් සිදුවන හානිවලින් පොදු සමාජය ආරක්ෂා කිරීම අරමුණු කර ගනිමින් මෙම පනත් කෙටුම්පත හඳුන්වාදී ඇත.

නිදහස් චින්තකයන්ගේ අදහස වී ඇත්තතේ මෙම නව  පනත මගින් ආණ්ඩුවත්, ආණ්ඩුවේ නායකයන්ගේ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය පාර්ශවයක් බවට පත්ව ඇති ආගමික කල්ලි කිහිපය බේරාගැනීමටත් කටයුතු කරන බවයි.

කතෝලික දහමේ ඉගැන්වෙන්නේ දෙවියන් වහන්සේ ලෝකය මැවූවා ය යන්නයි. ඉස්ලාම් ආගමිකයෝ මහමද්තුමාගේ කැමැත්ත අනුව සියල්ල සිදුවන බව පිළිගනිති.  බෞද්ධයෝ මරණින් මතු උපතක් ඇති බවත්, දිවියලෝක සහ අපාය ඇති බවත් විශ්වාස කරති. නමුත් මේ සියල්ල නවීන විද්‍යාව ඉදිරියේ මිත්‍යාවන් බවට පත්වෙයි. නවීන විද්‍යාව සම්බන්ධ සොයාගැනීම් පර්යේෂණ ආගමට අභියෝගයක් වන විට ඒවා ප්‍රචරය කරන පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් මේ නව පනත මගින් ලැබීමට ඉඩ ඇත.

එම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව ඊයේ (04) රැස්වූ කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

ඒ අනුව පහත සඳහන් ක්‍රියාවන් පනතේ විධිවිධාන මගින් වැරදි වශයෙන් අර්ථ නිරූපණය කර ඇත.

Related articles

Recent articles

spot_img