කොරෝනා හේතුවෙන් සිදුවූ තවත් මරණ දෙකක් පිළිබඳ තොරතුරු අද (11) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් පැය 16.00ට නිකුත් කර ඇත.
එම නිවේදනයේ දැක්වෙන්නේ කොළඹ 11 පදිංචි 40 හැවිරිදි පිරිමි පුද්ගලයකු කොළඹ ජාතික රෝහලට ඇතුළත්කරන විට මියගොස් සිටි බවයි. ඔහුගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී එම මරණය කොරෝනා හේතුවෙන් ඇතිවූ හෘදයාබාධයකින් සිදුවූ බව තහවුරු වී ඇත.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීම මත නිවේදනය කර ඇති අනෙක් මරණය වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික් රෝහලෙනි. මම මරණය පිළිබඳ ඊයේ (10) අප වාර්තා කළේ කොරෝනා වැළඳී සිටි අයකු හම්බන්තොට රෝහලේ දී මියගොස් ඇති බව තහවුරු කරමිනි. එම මරණය කොරෝනා හේතුනේ සිදුවූ හෘදයාබාධයකින් සිදුව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර ඇත. මෙලෙස මියගොස් ඇත්තේ කැලණියේ පදිංචි 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව අද දිනයේ තහවුරු කරන ලද මරණ සංඛ්‍යාව 03ක් වන අතර ශ්‍රී ලංකාවේ සිදුව ඇති සමස්ථ කොරෝනා මරණ සංඛ්‍යාව 44ක් දක්වා ඉහළ ගොස් ඇත.