-2.5 C
New York

හිටපු පළාත් මන්ත්‍රී අනවසර විදුලි රැහැන් ඇද, එහි පැටලී මරුට

Published:

ජනතා විමුක්ති පෙරමුණේ, මධ්‍යම පළාත් සභා හිටපු මන්ත්‍රී මයිකල් ඇකියුලස් ද සිල්වා තමන් විසින්ම අදින ලද අනවසර විදුලි රැහැනක පැටලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

නුවරඑළියේ ශාන්තිපුර පදිංචි ඔහු තමන් වගාකරන ලද භූමියට වන සතුන් පැමිණීම වැළැක්වීම සඳහා නීති විරෝධී ලෙස විදුලි රැහැන් වගාබිම හරහා ඇද තිබූ බව පොලිසිය කියයි. තම ඉඩම වටා කම්බි ඇද විදුලි මීටර පුවරුවෙන් සෘජුවම එම කම්බිවලට විදුලිය සපයා තිබී ඇත. මෙය නීති විරෝධී ක්‍රියාවකි.

ඔහුගේ වත්තේ සේවය කරන සුගත් නමැති අයකු පොලිසියට ප්‍රකාශයක් ලබාදෙමින් පවසා ඇත්තේ ඊයේ (02) ඔහුගේ නිවසේ දොර හැර තිබිය දී දුරකථනය නාද වුව ද කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බැවින් ගම්වාසීන් කිහිප දෙනකු එක්ව සොයා බැලීමේ දී වගාබිම තුළ ඔහු වැටී මියගොස් සිටිය දී සොයාගත් බවයි. ඌරන් වැනි සතුන් පැමිණීම වැළැක්වීම සඳහා හිටපු මන්ත්‍රීවරයා ඔහුගේ ඉඩම වටා ඇද තිබූ විදුලි රැහැනක පැටලී මියගොස් සිටි බව ඔහු සිය සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

ඊයේ දහවල් නුවරඑළිය වැඩබලන මහේස්ත්‍රාත් ජයමිණි අඹගහවත්ත විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වා තිබිණි. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් ද පවත්වා මන්ත්‍රීවරයාගේ දේහය ඥාතීන් වෙත බාර දී ඇති අතර ලබන නොවැම්බර් මස 13 වැනි දින වැඩිදුර විභාගය නුවරඑළිය අධිකරණයේ දී  පැවැත්වීමට නියමිතය.

Related articles

Recent articles

spot_img