-3.4 C
New York

අක්ෂි කාච නෑ. අක්ෂි සැත්කම් නවතී ?

Published:

අක්ෂි කාච නොමැතිවීම හේතුවෙන් රජයේ රෝහල්වල සිදුකරන අක්ෂි සැත්කම් නැවතී යාමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

වෛද්‍ය සැපයුම් අංශය මගින් සැත්කම් සඳහා අක්ෂි කාච වර්ග 09ක් රෝහල්වලට සපයනු ලබන අතර එම අංශය සතුව තිබූ සියලුම වර්ගවල අක්ෂි කාච මේ වනවිට රෝහල්වෙත බෙදා හැර අවසන්කර ඇත.

මේ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායකගෙන් විමසූ විට ඔහු කියා සිටියේ අක්ෂිකාච සැපයුම්කරුවන් දෙදෙනා අතර ඇති ගැටලුවක් නිසා කාච ලැබීම ප්‍රමාද වී ඇති බවයි.

රෝහල්වලට සපයා ඇති අක්ෂි කාච අවසන් වූ විට එම හිඟය මඟහරවා ගැනීම සඳහා හදිසි මිල දී ගැනීමක් කිරීමට අපෙක්ෂා කරන බව ද වෛද්‍ය සමන් රත්නායක පවසයි.

Related articles

Recent articles

spot_img