හිරු මාධ්‍ය ජාලයේ සේවකයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි තහවුරු වූ බව කොවිඩ් – 19 පැතිරීම වැලැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
හිරු මාධ්‍යජාලය ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 35 වැනි මහළේ පිහිටා ඇත. කොරෝනා ආසාදනය වූ සේවකයන් සිව්දෙනා මට්ටක්කුලිය හා ජින්තුපිටියේ පදිංචිකරුවන් බව ද වාර්තාවෙයි.