කොරෝනා වැළඳී සුවය ලබා නිවසට පැමිණ සිටි අකුරැස්සේ පදිංචිකරුවකුට යළි කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
මෙම පුද්ගලයා මාළු වෙළෙන්දකු බවත් ඔහු සුවය ලබා නිවසට පැමිණ සිටිය දී යළි රෝග ලක්ෂ මතුවීම හේතුවෙන් කරන ලද පීසීආර් පරීක්ෂණයක් අනුව යළි ආසාදිත බව තහවුරු වී ඇතැයි දැනගන්නට ඇත.