-2.5 C
New York

බෝධිපූජාව පැවැත් වූ භික්ෂුවට පහර දී, දේපළවලටත් හානි කරලා

Published:

පොහොය දිනයේ (30) බෝධි පූජාවක් පවත්වමින් සිටි බෞද්ධ භික්ෂුවකට ගම්වැසියන් පිරිසක් පහරදීම හේතුවෙන් එම භික්ෂුව සහ භික්ෂුවගේ සොහොයුරා අරලගංවිල රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

පිමුරත්තෑව ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානයට පැමිණි පුද්ගලයන් 10 දෙනකු පඹණ මෙම පහරදීම සිදුකර ඇත.

පහරදීමෙන් තුවාල ලබා ඇත්තේ පිඹුරත්තෑව ධම්මරක්ඛිත නමැති 28 හැවිරිදි භික්ෂුවක් සහ එම භික්ෂුවගේ සහෝදරයෙකි.

පොලිසිය සඳහන් කරන්නේ පන්සලට කඩා වැදුණු කල්ලිය බීමතින් සිටින්නට ඇති බවයි. ඔවුන් හිමියන්ට පහර දී දේපළවලට හානිකර රුපියල් ලක්ෂයක පමණ මුදලක් පැහැරගෙන ගොස් ඇති බවට පිඹුරත්තෑව සිළුමිණිසෑය විහාරාධිපති අම්පාරේ කුසධම්ම හිමියන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

මෙම පහරදීම කර ඇත්තේ පිඹුරත්තෑව ගමේ පදිංචි පිරිසක් විසින් බව අරලගංවිල පොලිසිය කියයි. ඔවුන් මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇත. එම පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Related articles

Recent articles

spot_img