-0.1 C
New York

මහල් නිවාසයේ ගින්නෙන් 70ක් මරුට

Published:

දකුණු අප්‍රිකාවේ හැන්නස්බර්ග් නගරයේ මහල් පහකින් යුත් නිවාසයක ගින්නක් ඇතිවීමෙන් පුද්ගලයන් 70 කට වැඩි පිරිසක් මිය ගොස් 50ක් පමණ තුවාල ලබා තිබේ.

මියගිය අය අතර අවම වශයෙන් ළමුන් හත් දෙනෙකුවත් සිටින බව වාර්තා වේ.

නගර මධ්‍යයේ ඇති මහල් පහකින් යුත් මෙම ගොඩනැගිල්ල භාවිතා කරන්නේ අනවසර පදිංචිකරුවන් විසිනි. බලධාරීන් පවසන්නේ ගින්නට හේතුව කුමක්ද යන්න අපැහැදිලි බවයි.

හදිසි සේවා පැවසුවේ බ්‍රහස්පතින්දා ඇතිවූ ගින්නෙන් ගොඩනැගිල්ල විනාශ වූ බවයි. බලධාරීන් පවසන්නේ ගිනි නිවන භටයන් පැමිණීමත් සමඟ ගොඩනැගිල්ලේ පදිංචිකරුවන් ඉවත් කර ඇති අතර මළ සිරුරු සෙවීම සහ ගොඩගැනීම දිගටම කරගෙන යන බවයි.

වාර්තා වලට අනුව පදිංචිකරුවන් වැඩි වශයෙන් අප්‍රිකානු සංක්‍රමණිකයන් විය.

ගින්නෙන් දිවි ගලවා ගත් නිවාස නොමැති අය ජොහැන්නස්බර්ග් නගරයට අයත් වෙනත් ගොඩනැගිල්ලක නවාතැන් ගනු ඇත.

පිළිස්සුණ ගොඩනැගිල්ලෙන් පිටත මිනිසුන් කණ්ඩායම් රැස්ව සිටින අතර, ඔවුන්ගේ ආදරණීයයන් පිළිබඳ පුවත් අපේක්ෂාවෙන් බලා සිටින බව මාධ්‍ය වාර්තා කර තිබේ.

https://www.reuters.com/world/africa/more-than-50-killed-fire-south-africas-johannesburg-2023-08-31/?taid=64f05ff825b3120001d9d25b&utm_campaign=trueAnthem:+Trending+Content&utm_medium=trueAnthem&utm_source=twitter

Related articles

Recent articles

spot_img