අකුරැස්සෙන් හා පිටබැද්දරින් තවත් රෝගීන්. කරාපිටියේ ආසාදිත කතගේ ආශ්‍රිතන්

0
582

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී කොරෝනා ආසාදිත බව හඳුනාගත් අකුරැස්ස අමලගොඩ පදිංචි කාන්තාවගේ ආශ්‍රිතයන් 04 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස ආසාදිත බව තහවුරු වී ඇත්තේ එම කාන්තාවගේ දියණියකට, කාන්තාව රෝහල්ගතව සිටිය දී ඇයගේ සාත්තුවට නැවතී සිටි කාන්තාවන් දෙදෙනකු හා එම එක් කාන්තාවකගේ සැමියාට බව සෞඛ්‍ය අංශ පවසයි. එම සිව්දෙනාගෙන් දෙදෙනකු අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවන් වන අතර අනෙක් දෙදෙනා මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පිටබැද්දර කුඩගලහේන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ද පැවසේ.

සෞඛ්‍ය අංශ පවසන්නේ ඔවුන්ගේ ආශ්‍රිතයන් සොයා මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙන බවයි. මේ සිව් දෙනා අතරින් එක් අයකුගේ ආශ්‍රිතයන් සොයා ගැනීම ගැටලු සහගත බව ද දැනගන්නට ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here