-0.7 C
New York

සසුන්ගත වූ කුඩා දැරියන්ට පහර දුන්, නායක මෙහෙණිය රිමාන්ඩ්

Published:

මිනුවන්ගොඩ, බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට පහර දී වද හිංසා පැමිණීම, සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණයට හමුවට ඉදිරිපත් කළ එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙණිය ලබන 11 වැන ිදා දක්වා රිමාන්ඩ් කිරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී.තේනබන්දු අද (28) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ පලාපත්වල පද්මා නමැත් මෙහෙණියකි.

මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු  සිව් දෙනාවද සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම් කේ රමණී  අද (28) සවස අධිකරණයට කරුණු වාර්තා කළාය.

එහිදී වයස අවුරුදු 12,15 සහ 18 ක් වයසැති එම දැරියන් තිදෙනා සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත් නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබිණි. .

මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී එම සිවුදෙනා විසින් ප්‍රකාශ ලබාදුන් බවට අධිකරණයේ දී සඳහන් විය. ඉන් අනතුරුව  දැරියන් තිදෙනාව සහ කාන්තාව ගම්පහ දිස්ත්‍රික්  මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරිිණි.

Related articles

Recent articles

spot_img