4.4 C
New York

ප්‍රජාතන්ත්‍රවාදය අර්ථවත් කරන්න සිවිල් සමාජ හෙට රැස්වෙයි

Published:

ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය වඩාත් අර්ථවත් කරගැනීමේ අරමුණින් “ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා සිවිල් සමාජ එකමුතුව“ හෙට (29) කොළඹ පදනම් ආයනයේ දී රැස්වෙයි.

හෙට (29) උදෑසන 9.00 සිට 2.30 දක්වා පැවැත්වෙන මෙම විශේෂ සමුළුවේ දී ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරභාවය සඳහා අවශ්‍යවන ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කරගැනීම සඳහා රජයට බලපෑම් කිරීමට අවශ්‍ය කතිකාවතක් ගොඩනැගීමට නියමිතය. ආර්ථිකය යහපත් කර ප්‍රජාතන්ත්‍රවාදී මූලයන් ආරක්ෂා කරගැනීම සඳහා ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට බලපෑම් කිරීම වෙනුවෙන් ආගමික නායකයන්, සිවිල් සමාජ සංවිධාන සාමාජිකයන්, වෘත්තිකයන්, විද්වතුන්, වෘත්තීය සමිති නියෝජිතයන්, තරුණ නායකයන්, මාධ්‍යෙව්දීන් ආදි සමාජ බලපෑම් එකමුතුවක් ලෙස මෙම වැඩසහන පැවැත්වෙයි.

Related articles

Recent articles

spot_img