spot_img
spot_imgspot_img

වැඩිවියට පත් දැරියක්, කිලිනොච්චි නගරය පුරා රැගෙන ගිහින්

පුවත්

විදෙස්

වැඩිවියට පත් වූ දැරියක් රැගෙන නගරය පුරා පෙරහැරකින් රැගෙන යාමේ සිද්ධියක් ඊයේ (26) කිලිනොච්චියේ දී වාර්තා වී තිබේ.

වැඩිවියට පත් වූ දැරිය හින්දු චාරිත අනුව නහවා නව වස්ත්‍රාභරණවලින් සරසා දෝලාවක නංවාගෙන මෙලස කිලිනොච්චිය නගරය පුරාම රැගෙන ගොස් තිබේ.

එම පෙරහැරේ බෙරවාදන ශිල්පීන් ද, නැට්ටුවෝ ද, තවත් බොහෝ නර්තන අංග ද ගමන් කළ බව කිලිනොච්චි වැසියෝ කියති. කිලිනොච්චියේ සිටින තරුණ පිරිස් මේ පෙරහැර ගැන ඉහළ උනන්දුවක් දක්වා ඇතත් වැඩිහිටි පිරිස් එම පෙරහැරට දැඩි දෝෂ දර්ශන එල්ලකර ඇත.

දැරියක් වැඩිවියට පත්වීම යනු,

දැරියක් වැඩිවියට පත්වීම යනු ස්වභාවික ක්‍රියාවලියක. ගැහැනු දරුවක ලිංගිකව පරිනත වීමත් සමඟ ඇය දරුවකු බිමහිකිරීම සඳහා ශාරීරිකව සුදුසු ලෙස වර්ධනය වීම වැඩිවියට පත්වීම ලෙස හැඳින්වේ. මෙය සිංහල භාෂාවේ මල්වරවීම ලෙසඳ හදුන්වයි. ගැහැනු දරුවකුගේ ඩිම්බ මෝචනය වීම ආරම්භ වූ විට ඇගේ ගර්භාෂය දරු කලලයක් දරා ගැනීමට සුදුසු ආකාරයෙන් වර්ධනය වෙයි. නමුත් ඩිම්බ කෝෂයෙන් පිටවූ ඩිම්බය ශුක්‍රාණුවකින් සංසේචනය නොවුණහොත් එලෙස වර්ධනය වූ ගර්භාෂ බිත්තියේ කොටසක් ද ගැලවී යෝනි මාර්ගය ඔස්සේ ස්වභාවිකවම පිටවීම සිදුවෙයි. එය ඔසප්වීමේ ක්‍රියාවලියයි. මෙය රුධිරය සමඟ පිටවන අතර එය ජන වහරේ හඳුන්වන්නේ මාස් ශුද්ධිය යනුවෙනි.

මෙම ක්‍රියාවලිය පළමුවරට සිදුවීම මල්වරවීම ලෙස හඳුන්වයි. පැරණි හින්දු චාරිත්‍ර අනුව මෙය මහා මංගල්‍යයකි. එය පසුකාලීනව සිංහල බෞද්ධ සංස්කෘතිය තුළට ද හින්දූන්ගෙන් උරුම වී තිබේ. එවැනි පළමු ඔසප්වීමක් ආරම්භ වූ දරුවකු තරුණයන්ගෙන් වසන්කර දින කිහිපයක් නිවසේ තබා ඔසප්වීම දුටු වේලාව අනුව නැකතක් සාදා නාවා ගෙට ගැනීම සිදුකරයි.

එය මංගල්‍යයක් සේ සැමරීම සිදුවිය.

නමුත් දැරියක වැඩිවියට පත්වූ විට පෙරහැරකින් නගරයක් පුරා ප්‍රදර්ශනය කරමින් රැගෙන යාමේ සිරිතක් නම් තිබුණේ නැත.

1 COMMENT

  1. මිනිසා කාලයෙන් කාලයට එක් එක් යුග පසු කරමින් සිටිති.දැන් මේ එළැඹ ඇත්තේ අධ්‍යාත්මික යුගයයි.එහෙත් තවමත් ම්ලේච්ඡ,අනුවනක්කාර,ගස් ගල්වලට,සුරුවම්, පිළිම,වැනි දේ දේවත්වයෙන් අදහන ඇත්තෝ ද සිටිත්.මේ එවැනි අනුවනක්ෂකාර,මනුශ්‍ය කොට්ඨාශයකගේ මෝඩ ගෝත්‍රික ක්‍රියාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!