ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (11) තවත් කොරා්නා ආසාදිතයන් 10 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඔවුන් සියලු දෙනාම කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ පදිංචිකරුවෝය.
කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී එස්.එච්.එන්. නදීප් සුදුසිංහ කියා සිටියේ එම රෝගීන් සියලු දෙනාම හැකි ඉක්මණින් රෝහල් වෙත යැවීමට කටයුුුුතු කරන බවයි. ඔවුන් අතර පිරිමි ළමයි දෙදෙනකු ඇතුළු පිරිමි 05 දෙනෙක් හා කාන්තාවෝ 05 දෙනෙක් සිටිති. කාන්තාවන් කඹුරුගමුව රෝහලටත්, පිරිමි පුද්ගලයන් හම්බන්තොට රෝහලටත් යැවීමට කටයුතු කරමින් සිටියි. මේ අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් නිරෝධායනයට යොමු කරන බව ද වෛද්‍යවරයා කීවේය.
මේ සියලු දෙනාම මීට පෙර ආසාදිත බව තහවුරු කරගත් ධීවරයන්ගේ සමීප ආශ්‍රිතයන් බව ද සෞඛ්‍ය අංශ පවසයි.