(Advertorial)
රජයේ සහ රජයේ අනුමැතිය ලත් පුද්ගලික පාසල්වල සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය මාස විස්සක් තුළදී අවසන් කළ යුතුව ඇතැයි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උතුරාවෙල ධම්මරතන හිමියෝ පැවසූහ.
අයි.යූ එස්.එල්. විශ්ව විද්‍යාලයේ සමාරම්භක උත්සවයට එක්වෙමින් උන් වහන්සේ මේ බව පැවසූහ.
එම උත්සවය කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී පැවැත්විණි.
දැනට ක්‍රියාත්මක අධ්‍යාපන ක්‍රමය අනුව සාමාන්‍ය පෙළ විභාගයට හා උසස් පෙළ විභාගයට පෙනී සිටීම සදහා සිසුන් වසර හතරක කාලයක් වැය කරන බවද, හිමියන් පෙන්වාදෙයි. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටිම සදහා වසර දෙකක්ද, උසස් පෙළ විභාගයට පෙනී සිටීම සදහා වසර දෙකක්ද වැය කිරීම කාලය අපතේ යැවීමක් බවද උන්වහන්සේ කීහ.
මෙම විභාග දෙක අසමත් වන සිසුන් නැවත වරක් විභාගයට පෙනී සිටිම මගින් තවදුරටත් ළමුන්ගේ කාලය අපතේ යන බවද උන්වහන්සේ සදහන් කළහ.
විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබාගැනීම සදහා සිසුන් අවම වශයෙන් තුන් වතාවක්වත් උසස් පෙළ විභාගය නැවත කිරීමට පුරුදුව සිටින බවද මෙය සිසුන්ගේ වටිනා කාලය අපතේ යැවීමක් බවද උතුරාවෙල ධම්මරතන හිමියෝ කීහ. එවැනි තත්වයක් තුළ උපාධිය සම්පූර්ණ කිරීමට වයස අවුරුදු විසි හතරක් හෝ විසි පහක් වන තෙක් සිටීමට සිදුවන බවද ඒ හිමියෝ කීහ.
නිදහස් අධ්‍යාපනය ලබාදෙන විශ්වවිද්‍යාල ඕනෑ තරම් රටේ තිබෙන නමුත් තරගකාරීත්වය නිසා විශාල සිසුන් පිරිසකට විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට නොහැකිවී තිබෙන බවද ධම්මරතන හිමියෝ පැවසූහ.
කෙසේ වෙතත් සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග මාස දහය බැගින් වූ කාලවලදී නිම කිරීමට පුද්ගලික පාසල් කිහිපයක් රට තුළ ක්‍රියාත්මක වන බවද එම පාසල්වල අතරමැදි ශ්‍රේණි පවත්වාගෙන යමින් සිසුන්ගේ කාලය අනවශ්‍ය ලෙස නාස්ති නොකරන බවද ඒ හිමියෝ කීහ. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගය පැවැත්වීමේ කාලය මාස දහය බැගින් සීමා කිරීම වැදගත් බවද වැඩිදුරටත් අදහස් දැක්වූ උතුරාවෙල ධම්මරතන හිමියෝ කීහ.
උසස් පෙළ සමත්ව විශ්වවිද්‍යාල සුදුසුකම් නොලබන සිසුන් යම් ප්‍රමාණයක් විදේශීය විශ්වවිද්‍යාලවලට ඇතුළත්වී උපාධිය ලබාගනිති. පවතින විශමතාවයන් හේතුවෙන් ලාංකික සිසුන් බහුතරයක් විදෙස් විශ්වවිද්‍යාල වෙත යොමුවන්නේ උසස් පෙළ හදාරා වසර දෙකක් පමණ ඒ වෙනුවෙන් කැප කිරීමෙන් අනතුරුවය. එහෙත් අධ්‍යාපනයේ ගෝලීය ප්රවනතාවය වනුයේ සාමාන්‍ය පෙළ සමත්වීමෙන් පසුව තමන් තෝරා ගන්නා ක්ෂේත්රයකින් පදනම් පාඨමාලාවක් හදාරා එහි ප්‍රතිඵල මත විශ්වවිද්‍යාලයකට පිවිසීමය.
ශ්‍රී ලංකාව තුළ මෙම ක්‍රමවේදය ප්‍රමාණවත් අධ්‍යයනකට ලක් නොවීම නිසා අවුරුදු විසි එකකදී ලබාගත හැකි උපාධිය සදහා තරුණ ප්‍රජාව තවත් වසර හතරක කාලයක් පමණ කාලය නාස්ති කරනු ලබයි. අයි.යූ.එස්.එල් ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය පදනම් පාඨමාලා රැසක් හදුන්වා දෙන්නේ මෙම තත්වයට විසදුමක් ලෙසයි.
පාඨමාලා සාර්ථකව නිම කරන සිසුන්ට ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, ඕස්ට්‍රේලියාව සහ මැලේසියාව යන රටවල විශ්වවිද්‍යාලවලින් පිරිනමනු ලබන ලොව පිළිගත් උපාධි පාඨමාලා සදහා ප්රවේශවීමට අවස්ථාව උදාවේ.
තවද කොළඹ විශ්වවිද්‍යාලයේ බී.අයි.ටී. උපාධි පාඨමාලාව සදහාද ඇතුළත් විය හැකිය.
පිළිගත් ආචාර්යවරුන් රැසක් මෙම විශ්වවිද්‍යාලයට දායකත්වය දක්වති. එම විශ්වවිද්‍යාලයේ සමාරම්භක උත්සවයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිලධාරීන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න, තිස්ස අත්තනායක ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්රයේ නිරත විද්වතුන් රැසක් එක්ව සිටියහ.
මෙම විශ්වවිද්‍යාලය පිළිබද සියලු විමසීම් [email protected]හෝ 0773013936 ඔස්සේ අධ්යක්ෂ අධ්‍යයන කටයුතු – දිල්මි රණවීර වෙතින් ලබාගත හැකිය.