-0.7 C
New York

කටුනායක පරිගණක පද්ධතියේ බිඳවැටීමක් ?

Published:

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ප්‍රධාන මෙහෙයුම් ඒකකය අද (27) අලුයම පැය 04ක පමණ කාලයක් බිඳ වැටී තිබූ බව වාර්තා වේ.

ආගමන විගමන ඒකකයේ පරිගණක පද්ධතියේ ඇති වූ දෝෂයයක් හේතුවෙන් මෙම බිඳවැටීම සිදුව ඇති බැවින් අද අලුයම 2.45 සිට පැය 04කට ආසන්න කාලයක් ආගමන විගමන කටයුතු ස්වයංක්‍රීය පද්ධතියෙන් බැහැරව නිලධාරීන් විසින් සිදුකළ බව ද ගුවන්තොටුපොළ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ හේතුවේ ගුවන් මගීන්ට යම් ප්‍රමාදයක් සිදුවූ බව ද වාර්තා වේ.

ශ්‍රී ලංකාවේ සියලු ගුවන්තොටුපොළ සහ වරායවල ආගමන විගමන කටයුතු පාලනය වන්නේ මෙම සර්වරය මගිනි.

Related articles

Recent articles

spot_img