3.9 C
New York

සුධර්මා නෙත්තිකුමාරගේ, නිවසේ සේවිකාව ඝාතනය කරලා. පොලිසියත් ඝාතනයට හවුල්

Published:

ප්‍රකට ව්‍යාපාරික කාන්තාවක වූ සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ සේවය කළ කාන්තාවකගේ මරණය සිදුව ඇත්තේ මොට ආයුධයකින් පහර දී බව ඊයේ (25) අධිකරණයේ දී අනාවරණය විය. ඒ අනුව එම කාන්තාව සොරකමක් කර ඇතැයි චෝදනා කරමින් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් ඇතුළු සියලු සැකකරුවන් අත්අඩංගුවට ගන්නයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙලෙස මියගොස් තිබුණේ ආර්.රාජ්කුමාරි නමැති 41 හැවිරිදි තිදරු මවකි.

මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් හෙළිදරව් වී ඇත්තේ මොට ආයුධයකින් පරහදීම හේතුවෙන් අභ්‍යන්තර රුධිර වහනය වීමෙන් එම කාන්තාව මියගොස් ඇති බවයි.

සුධර්මා නෙත්තිකුමාරගේ නිවසේ දී රන් භාණ්ඩ සොරකම් කර ඇතැයි චෝදනා කරමින් එම කාන්තාව වැලිකඩ පොලිසය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවත්, පොලිසිය තුළ දී පහරදීම හේතුවෙන් අසාධ්‍ය වූ ඇය කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබිණි.

එම කාන්තාවට පහරදීම සඳහා වැලිකඩ පොලිසියේ නිලධාරීන් විසින් භාවිතා කළ බව පවසන වතුර බට කැබැල්ලක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related articles

Recent articles

spot_img