ගාල්ල මකුළුවේ PCR සියල්ල Negative

0
481

ගාල්ල මකුළුව ප්‍රදේශයේ පදිංචිකරුවන් 170ක පිරිසක් සඳහා ඊයේ (10) සිදුකරන ලද පීසීආර් පරීක්ෂණවලින් එම කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.

මෙලෙස පීසීආර් පරීක්ෂණ සිදුකරනු ලැබුවේ මකුළුවේ පදිංචි එකම පවුලේ පියා, මව සහ දරුවන් හතර දෙනාටත්, ඔවුන්ගේ සමීප ඥාතීන් සිව්දෙනකුටත් කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.

මෙම පවුලේ පිරිස අතරින් කොරෝනා ආසාදිත බව පළමුවෙන් ම තහවුරු කරගන්නා ලද්දේ ධීවර ව්‍යාපාරයේ යොදවා ඇති ලොරි රථයක රියදුරකුටය. ඒ අනුව නිවසේ සිටි ඔහුගේ බිරිඳ හා දරුවන් නිරෝධායනයට යොමු කර තිබිණි. ඔවුන්ගේ නිරෝධායනය අවසන් වූ විට පැවැත්වූ පීසීආර් පරීක්ෂණයෙන් තහවුරු වූයේ එම කාන්තාව සහ දරුවන් සිව්දෙනාම ආසාදිතයන් බවයි.

නිරෝධානයනය නීති උල්ලංඝනය කරමින් ඔවුන් අසල්වැසියන් හා සම්බන්ධතා පවත්වා ඇති බව අනාවරණය වීම හේතුවේන තවත් පිරිසකගේ පීසීආර් පරීක්ෂණ පැවැත්වූ අතර ඉන් 04 දෙනකු ආසාදිත බව තහවුරු කරගන්නා ලදී. මේ අනුව ඊයේ (10) මකුළුව ගමේ පදිංචිකරුවන් සඳහා පීසීආර් පරීක්ෂණ පවත්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here