spot_img
spot_imgspot_img

බේරේ වැවත් බදු දෙයි

පුවත්

විදෙස්

බේරේ වැව නඩත්තුකරමින් පවත්වාගෙන යාම පුද්ගලික සමාගමකට ලබාදීමට රජය තීරණය කර තිබේ.

Groepo Pte. Ltd සමාගම සහ එහි දේශීය සමාගම වන Groepo Lanka Bioscience (Pvt) Ltd. වෙත බේරේ වැව පැවරීමට තීරණය කර ඇත. මෙම යෝජනාවට අනුව බේරේ වැවේ ගඳ නැති කොට එය පිරිසුදු කිරීමටත් බේරේ වැව සංවර්ධන කටයුතු සඳහා යොදා ගැනීමටත් නියමිත ය.

අදාල  යෝජනාව සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය ද ලැබී ඇති අතර මෙම ව්‍යාපෘතියට සමගාමීව බේරේ වැවට මලාපවහන අපජලය සහ අපද්‍රව්‍ය බැහැර කරන මාර්ග හඳුනාගෙන ඒ සඳහා විකල්ප ක්‍රමවේද හඳුන්වා දීමට ද කටයුතු කරන ලෙස කැබිනට් මණ්ඩලය ඊට අදාළ රාජ්‍ය ආයතනවලට දැනුම් දී තිබේ.

මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අදාළ සමාගම අධිතාක්ෂණ උපකරණ හා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරමින් බේරේ වැව පිරිසිදු කිරීමේ කටයුතු සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!