spot_img
spot_imgspot_img

නව සමථ මණ්ඩලයක් පිහිටුවයි

පුවත්

විදෙස්

ආයතන අතර පවතින ආරවුල්, පුද්ගලයන් සහ ආයතන අතර ව්‍යාපාරික ගනුදෙනු නිසා ඇතිවන ආරවුල් විසඳීම සඳහා විශේෂ සමථ මණ්ඩලයක් පිහිටුවීමට අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කොළඹ, ගම්පහ, මහනුවර, මොණරාගල, පොලොන්නරුව සහ අනුරාධපුරය යන දිස්ත්‍රික් 06 කේන්ද්‍ර කර ගනිමින් මෙ සමථ මණ්ඩලය මුලින් ආරම්භ කිරීමට නියමිතව තිබේ. රුපියල් ලක්ෂ 05කට වඩා අඩු මුල්‍ය වටිනාකමක් සහිත ආරවුල් එමගින් නිරාකරණය කරගැනීමේ අවස්ථාව හිමිවේ.

මෙම සමථකාරවරුන්ගේ මූල්‍ය මණ්ඩලයක සාමාජිකයෙකු ලෙස පත් වීම සඳහා අවශ්‍ය සුදුසුකම් පිළිබඳ යෝජනාවට අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ උපදේශක කාරක සභාවේ එකඟතාව හිමිව ඇත.

ඒ අනුව වයස අවුරුදු 35ත් 75ත් අතර විය යුතු වීම, අඛණ්ඩව වසර පහක කාලයක් මාණ්ඩලික නිලධාරී මට්ටමේ නිලතල දරන හෝ දැරූ නිලධාරියකු විය යුතුය. එමෙන්ම පෞද්ගලික අංශයේ, රාජ්‍ය නොවන සංවිධානයක, බැංකුවක හෝ සංස්ථාවක ජ්‍යේෂ්ඨ කළමනාකාර තනතුරක් දැරූ තැනැත්තකු විය යුතුය.

නැතිනම් කිසියම් ලිඛිත නීතියක් මඟින් හෝ යටතේ ස්ථාපිත, පිළිගත් වෘත්තිය හෝ අධ්‍යාපන සුදුසුකමක් ලබා තිබිය යුතු වන අතර, සමථකාරවරයන්ගේ මූල්‍ය මණ්ඩලයක සාමාජිකයෙතු ලෙස කටයුතු කිරීම සඳහා මනා මානසික සහ ශාරීරික යෝග්‍ය තත්ත්වයක් සහිත විය යුතුය.

සමථකරණයේ පළපුරුද්ද හෝ සමථකරණයෙහි සිද්ධාන්ත සහ ප්‍රධාන ලක්ෂණ පිළිබඳ දැනුම අමතර සුදුසුකමක් ලෙස විශේෂ වර්ගවල ආරවුල් පිළිබඳ සමථකාරවරුන් පත් කිරීමේ දී සලකා බලන බවත් ගැසට් නිවේදනයෙහි දක්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!