-0.1 C
New York

“වැන්ගර්“ ප්‍රධානියා ගුවන් අනතුරකින් මරුට

Published:

“වැන්ගර්“ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින්ගේ පුද්ගලික ජෙට් යානය මොස්කව් අගනුවරට උතුරු ප්‍රෙද්ශයට කඩා වැටී ඔහු ඇතුළු 10 දෙනකු මියගොස් ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මාස දෙකකට පෙර, රුසියන් හමුදාවටත්, රජයටත් අභියෝග කරමින්, රුසියාවේ බලය ඇල්ලීමේ කැරැල්ල මෙහෙය වූයේ ප්‍රිගෝෂින් ය. දින දෙකකට පමණක් සීමා වුණු එම කැරැල්ල අසාර්ථක විය.

එම කැරැල්ල සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ ප්‍රිගෝෂින් අතරේත්, ප්‍රිගෝෂින් සහ රුසියන් හමුදා ප්‍රධානීන් අතරේත් ගැටලු ඇති වී තිබිණි. ප්‍රිගෝෂින් කලකට පෙර පුටින්ගේ ඉතා සමීප මිතුරකු විය. හමුදා කැරැල්ලට ප්‍රිගොෂින් යොමු වූයේ රුසියන් හමුදාවෙන් ඔහුගේ කුලී හේවා බලඇණියට එල්ල වුණු කෙණෙහිලිකම් හේතුවෙන් බව පැවසේ.

‘වැග්නර්’ කුලී හේවා බලඇණිය රුසියානු හමුදාවේ අතිරේක බලඇණියක් ලෙස සැලකෙයි. යුක්රේන ආක්‍රමණයේ දී රුසියන් හමුදාවට යුක්රේනයේ පළාත් රැසක් අල්ලා ගත්තේ ‘වැග්නර්’ කුලී හේවායන්ගේ උදවු ඇතිවය.

Related articles

Recent articles

spot_img