spot_img
spot_imgspot_img

පිරමීඩ ජාවාරමේ යෙදුණොත් දැඩි දඬුවම්. තහනම් කළ ආයතන මෙන්න

පුවත්

විදෙස්

නීති විරෝධී පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඞුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

එවැනි පිරමීඩ ජාවාරම් 09ක් තහනම් කර ඇති බවත් ඒවාට සහභාගී වීම, වක්‍රව ආරම්භ කිරීම, ගනු දෙනු කිරීම, ප්‍රවර්ධන කිරීම, ප්‍රචාරය කිරීම, වැඩමුළු සාකච්ඡා පැවැත්වීම, ඒවායෙන් භාණ්ඩ මිල දී ගැනීම හෝ සේවාවන් ලබාගැනීම යන සියල්ලම දඬුවම් ලැබිය හැකි වරදක් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

මෙම පිරමීඩ යෝජනා ක්‍රම පවත්වාගෙන යන ආයතන ව්‍යාපාර ලියාපදිංචිය ලබාගත් පුද්ගලික ආයතන වුව ද ඔවුන්ට මෙවැනි ව්‍යාපාරයක් පවත්වාගෙන යාමට කිසිම අවසරයක් හෝ අනුමැතියක් ලබා නැතැයි ද මහබැංකුව පවසයි. එම ආයතන ශ්‍රී ලංකා මහ බැංකුව සමඟ යම් එකඟතාවලට එළැඹ ඇතැයි විවිධ පුද්ගලයන් පැවසුව ද එසේ එකඟතා කිසිවක් නැතැයි ද එම නිවේදනයේ දැක්වේ.

මේ වනවිට නම්කර ඇති පිරමීඩාකාර ව්‍යාපාර සඳහා බැංකු පනතේ 83 ඈ වගන්තිය යටතේ අපරාධමය නඩු කටයුතු පැවරීමට හැකියාව පවතින බැවින් ඒ පිළිබඳව සළකාබලන ලෙස නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!