-0.7 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (23) දිනයේ ගනුදෙනු 28,040ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 2,971ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 106ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,385ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කැපිටල් එලායන්ස් රුපියල් මිලියන 290
  • ඩිස්ටිලරීස් සමාගම රුපියල් මිලියන 273
  • ලංකා අයිඕසී සමාගම රුපියල් මිලියන 182

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ඩිස්ටිලරීස් කොටස් මිලියන 10.8
  • මාරවිල රිසෝට් සමාගම කොටස් මිලියන 9.8
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 6.4

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • ස්ටෑන්ඩර්ඩ් කැපිටල් සමාගම 44%
  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • සෙරන්ඩිබ් හෝටල් සමාගම 15%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 400,000ක් රුපියල් 79.00 බැගින්
  • ඩිස්ටලරීස් සමාගම කොටස් මිලියන 2.25ක් රුපියල් 25.50 බැගින්
  • සීඅයිසී සමාගම කොටස් 920,000ක් රුපියල් 73.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 274
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 262
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 208

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 60ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 177ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 117ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • හේලීස් සමාගම රුපියල් මිලියන 17
  • හේලීස් ෆැබ්රික් සමාගම රුපියල් මිලියන 9.2
  • සොෆ්ට්ලොජික් කැපිටල්  සමාගම රුපියල් මිලියන 07

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 123
  • සම්පත් බැංකුව රුපියල් මිලියන 14
  • වැලිබල් වන් රුපියල් මිලියන 10

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img