spot_img
spot_imgspot_img

ආසාදිතයා හමුවීමෙන් පසු කරාපිටිය රෝහලට වූ දේ

පුවත්

විදෙස්

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසිකව සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව හඳුනාගැනීම හේතුවෙන් වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට හා රෝගීන් සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණ සියල්ල සෘණාත්මක වී ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සම්පත් රණවීර මහතා පවසයි.

ඒ මහතා අද (11) මේ බව ප්‍රකාශ කළේ අප කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

කොරෝනා ආසාදිත බව තහවුරු වූ කාන්තාව වකුගඩු රෝගයකට ප්‍රතිකාර ලබාගැනීමට පසුගිය 03 දා පැමිණීමෙන් පසු ඇය මනෝ වෛද්‍ය ඒකකයට ද යොමුකර තිබිණි. ඒ හේතුවෙන් 05 දා සිට ඇය එම ඒකකයේ නේවාසිකව සිටියාය. පසුගිය 09 වැනි දා ඇය ආසාදිතබව තහවුරු වීමත් සමග මනෝ වෛද්‍ය ඒකකයේ වාට්ටු අංක 23 (ගැහැනු වාට්ටුව) සහ වාට්ටු අංක 18 (පිරිමි වාට්ටුව) මේ දක්වාම වසා දමා ඇති බව ද වෛද්‍ය රණවීර මහතා කීවේය.

එම වාට්ටු දෙකෙහි සහ ඇය වකුගඩු රෝගය සඳහා ප්‍රතිකාර ලබාගත් ඒකකයේ සිටි රෝගීන් 33 දෙනකුට පීසීආර් පරීක්ෂණ සිදුකර තිබේ. ඊට අමතරව අවදානම පිළිබඳ තක්සේරු කිරීමෙන් අනතුරුව කාර්ය මණ්ඩලයේ 14 දෙනකු ද පීසීආර් පරීක්ෂණ සඳහා යොමුකර තිබිණි. රෝහල් අධ්‍යක්ෂවරයා කියා සිටියේ එම සියලු පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵලවලින් ඔවුන් කිසිවෙකුට කොරෝනා ආසාදනය වී නොමැති යැයි තහවුරු වූ බවයි.  කෙසේ වෙතත් කාර්ය මණ්ඩලයේ 07 දෙනෙක් සහ වාට්ටුවේ නේවාසිකව සිට රෝහලෙන් බැහැරව ගිය රෝගීහු කිහිප දෙනෙක් ඔවුන්ගේ නිවෙස්වලම ස්වයං නිරෝධායනයට යොමු කර සිටිති.

මනෝ වෛද්‍ය ඒකකයේ නේවාසික රෝගීන් 10 දෙනකු සිටි බැවින් ඔවුන් එම වාට්ටුව තුළම ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවත් සති දෙකක කාලයක් එම වාට්ටුව වසා දමා මනෝ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන පුද්ගලයන් උණවටුන රෝහලට යොමුකරන බවත් අධ්‍යක්ෂ වරයා වැඩිදුරටත් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!