spot_img
spot_imgspot_img

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, දිවිගමන නිමා කරයි

පුවත්

විදෙස්

හබරාදුව මැතිවරණ කොට්ඨාසයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම, ජනාධිපතිවරණ අපේක්ෂකයකු ද වූ මහිමන් රංජිත් අද (22) සවස අභාවප්‍රාප්ත  විය

මියයන විට 79 වැනි වියේ පසු වූ ඔහු දෙදරු පියෙකි. හෙතෙම කලක් රෝගාතුරව සිටියේය.

1988 වර්ෂයේ දී හබාරදුව පාර්ලිමේන්තු මන්ත්‍රී ජී.වී.එස්. ද සිල්වා ඝාතනය වීමෙන් හිස්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයා විසින් මහිමන් රංජිත් පත්කරන ලදී. මාස කිහිපයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ හෙතෙම ඉන්පසු දකුණු පළාත් සභාවට ද දෙවරක් පත්වූයේය.

ගම් සභා ක්‍රමයට හබරාදුව ගම්සභාව සඳහා තරඟ කරමින් සිය දේශපාලන ජීවිතය ආරම්භකළ මහිමන් රංජිත් පසුව හබරාදුව ප්‍රාදේශීය සභාවේ ද නි‍යෝජිතකු ලෙස කටයුතු කළේය. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හබරාදුව සංවිධායකවරයා ලෙස ද කටයුතු කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!