-6.2 C
New York

නාවික ජැටිය කඩාවැටී, පාසල් සිසුන් ඇතුළු 19ක් රෝහලට

Published:

ත්‍රිකුණාමලය නාවික හමුද ජැටියේ කොටසක් කඩා වැටීමෙන් පාසල් සිසුන් ඇතුළු 19කු රෝහල්ගත කර ඇතැයි වාර්තා වේ.

අද (22) සවස එම ජැටිය කඩාවැටෙන අවස්ථාවේ දී නාවික කඳවුර නැරඹීමට පැමිණි පිරිසක් ඒ මත සිටි බවත් ඒ අතරින් වැඩි පිරිසක් පාසල් සිසුන් බවත් වාර්තා වේ. ඔවුන් මුහුදට වැටී ඇති අතර ස්ථානය තරමක් නොගැඹුරු බැවින් කඩිනමින් ඔවුන් බේරාගැනීමට හැකි වී ඇත.

තුවාල ලැබූ 15 දෙනකු නාවික හමුදා රෝහටත් 04 දෙනකු ත්‍රිකුණාමලය රෝහලටත් ඇතුළත් කර ඇත.

රෝහල් ආරංචිමාර්ග සඳහන් කරන්නේ ඔවුන්ගේ තත්වය බරපතල නොවන බවයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ ගල්ගමුවේ සිට සංචාරයක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි පිරිසකි.

Related articles

Recent articles

spot_img