-0.7 C
New York

කොළඹ වෙරළට කැස්බෑ මළ සිරුරු 10ක් පාවී එයි

Published:

ගාලු මුවදොර සිට වැල්ලවත්ත දක්වා වෙරළ තීරයට ඊයේ (21) සහ අද (22) දෙදින මියගිය කැස්බෑවුන්ගේ මළ සිරුරු 10ක් ගොඩගසා ඇතැයි වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ කැස්බෑ මළ සිරුරු 02ක් ගොඩගසා තිබූ අතර අද 08ක් ගොඩගසා තිබිණි.

මෙලෙස ගොඩගැසූ කැස්බෑ මළසිරුරු කිහිපයක ඇස් ඉදිමී ඇති අතර, ඇතැම් සිරුරුවලින් රුධිරය වහනය වන ආකාරයද දක්නට ලැ‍බේ. මේ අතර මියගිය මසුන් කිහිප දෙනකුගේ සිරුරු ද ගොඩගසා ඇති බව නිරීක්ෂණය විය.

වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව, නාරා ආයතනය, නාවික හමුදාව සහ පොලිසිය මෙම ස්ථානවලට පැමිණ විමර්ශන කටයුතු ආරම්භ කර තිබිණි.

අද දහවල් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මියගිය කැස්බෑවුන්ගේ මළ සිරුරු 04ක් ඉදිරිිපත් කර තිබිණි.

මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ බෙල්ලන්විල පශු වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර මෙම කැස්බෑවුන්ගේ මරණවලට හේතුව සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට දන්වන ලෙස නියෝග කළේය.

Related articles

Recent articles

spot_img