-2.5 C
New York

උමාරා වරද්දාගෙන, නීතිපතිගෙන් උපදෙස් ඉල්ලයි

Published:

එල්පීඑල් තරඟාවලිය ආරම්භක උළෙලේ දී උමාරා සිංහවංශ විසින් ජාතික ගීය ගායනා කරන ලද්දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් තනුවට අනුව නොවේ යැයි රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍යාංශයේ විමර්ශන කමිටුව මගින් නිකුත්කර ඇති විශේෂ වාර්තාවේ සඳහන් වේ.

එම වාර්තාව මේ වනවිට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත බාරදී ඇත.

ජාතික ගීයේ තනු නිර්මාණය ව්‍යවස්ථාවේ දක්වා ඇත්තේ මධ්‍යම ස්වරයෙන් ගැයීම ලෙසයි, නමුත් උමාරා ගීය ගායනා කර තිබුණේ උස් ස්වරයකින් බවත් එලෙස ජාතික ගීය උස් ස්වරයෙන් ගායනා කරන අතරතුර ගීයේ ප්‍රධාන පද රචනය ද විකෘති වී ඇති බව එම වාර්තාවේ සඳහන් කර ඇත.

එබැවින් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගෙන ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස ලේකම්වරයා විමර්ශන කණ්ඩායමට දී ඇත.

Related articles

Recent articles

spot_img