spot_img
spot_imgspot_img

දියවැඩියා රෝගියකුට, පිළිකා ඖෂධ දීමෙන් දිවි අහිමිවෙයි

පුවත්

විදෙස්

අධි රුධිර පීඩනය සහ දියවැඩියාව සහිත කාන්තාවකට සතියකට එක් දිනක් පමණක් භාවිතා කරන පිළිකා සඳහා වූ ඖෂධයක් ලබාදීම හේතුවෙන් ඇය මියගොස් ඇතැයි අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් අනාවරණය වී තිබේ.

මේ පිළිබඳ මියගිය කාන්තාවගේ සැමියා විසින් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව පොලිසිය විසින් හොරණ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කෙරිණි.

මෙලෙස මියගොස් ඇත්තේ පී.එම්.සෝමාවතී නමැති 62 හැවිරිදි කාන්තාවකි. ඇය ඉංගිරියේ ඌරගල ප්‍රදේශයේ පදිංචිව සිටි බව ද පොලිසිය සඳහන් කරයි.

මෙම කාන්තාවගේ සැමියා වන ඩබ්ලිව්.ලීලාරත්න හොරණ මූලික රෝහලේ සායනයට ‍පසුගිය 31 වැනි දා ගොස් තම බිරිඳගේ රෝග විනිශ්චය පොතෙහි, වෛද්‍යවරයකු ලවා ඖෂධ ලියවාගෙන තිබිණි. එම ඖෂධවලින් වර්ග තුනක් ‍රෝහලේ ඔසු හළෙන් ලබාගත නොහැකි බැවින් ඒවා ලබාගෙන ඇත්තේ ඉංගිරිය නගරයේ ඇති ඖෂධ හළකිනි.

එම කාන්තාව මෙම ඖෂධ දිනපතාම පානය කළාය. සතියකට පමණ පසු හුස්ම ගැනීමේ අහසුව, ශරීරයේ වේදනාව, කල්පනාව අඩුවීම, මුත්‍රා ‍පිටවීම අඩුවීම සහ බඩ බුරුල්කර යාම සිරුරේ තැන්තැන්වල බිබිලි ඇතිවීම වැනි රෝග ලක්ෂණ හේතුවෙන් ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කර තිබිණි. නමුත් එහි අඩුවක් නොතිබීම හේතුවෙන් දින දෙකකට පසු හොරණ මූලික රෝහලට මාරුකර යවා තිබුණේ රෝහලේ ම ගිලන් රථයකිනි.

එහි දී ද ඇගේ රෝගී තත්වය උත්සන්න වී ඇති අතර රෝග විනිශ්චය කිරීමේ පොත සහ ඇය පානය කළ ‍ඖෂධ වර්ග පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇතතේ ඉංගිරියේ ඔසු සළකින් ලබා දී ඇත්තේ පිළිකා රෝගීන්ට සතියකට එක් දිනක් පමණක් ලබාදෙන Methotrexate නමැති ඖෂධයක් බවයි. ඒ වනවිටත් ඇය දිනපතා එම ඖෂධය පානය කර තිබිණි.

පසුගිය 19 වැනි දා උදෑසන ඇය මියගියාය.

මේ මරණය වැරදි ඖෂධයක් ලබාදීම හේතුවෙන් සිදුවූවක් බවට මියගිය කාන්තාවගේ සැමියා විසින් ප්‍රකාශ කිරීම හේතුවෙන් එම මරණය සම්බන්ධයෙන් හොරණ මහේස්ත්‍රාත් සුනිල් ගුණරත්න විසින් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පවත්වන ලදී. මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ විශේෂඥ අධිකරණ වෛදධ්‍ය නිලධාරී විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මෙම කාන්තාවගේ මරණනය සිදුව ඇත්තේ පිළිකා රෝගීන් සඳහා පබාදෙන ඖෂධය හේතුවෙන් ඇති වූ ආසාත්මිකතාවක් හේතුවෙන් බවයි. මෙම ඖෂධයේ ක්‍රියාකාරීත්වයත් තවත් හේතු කිහිපයකුත් මරණයට බලපා ඇති බව වාර්තාවේ සඳහන් වෙයි.

මෙම මරණය සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ඉංගිරිය පොලිිසය විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!