-1.6 C
New York

උප්පැන්න, විවාහ සහ මරණ සහතික ගැන විශේෂ දැනුම් දීමක්

Published:

උප්පැන්න, විවාහ සහ මරණ සහිතක ලේඛනවල පිටපත් හැමදාමත් වලංගු යැයි ද එහි වලංගු බාවය මාස 06කින් පසු අවසන් නොවන බව ද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව මගින් දම් පැහැති රබර් මුද්‍රාවක් සහිතව නිකුත් කරනු ලබන එවැනි සහතිකවල පිටපත්වල වලංගු කාලය මාස 06ක් යැයි තිබූ රෙගුලාසිය ඉවත්කර ඇතැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශයට, විදේශ කටකයුතු අමාත්‍යාංශයට,ආගමන විගමන දෙපාර්තමේන්තුවට සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට මේ පිළිබඳ දැනුම් දී තිබේ.

ඇතැම් විද්‍යාලයන්ට දරුවන් ඇතුළත් කිරීමේ දී මාස 06ක් ඇතුළත ලබාගත් උප්පැන්න සහතික පිටපත් ගෙන එන ලෙස විදුහල්පතිවරු දැනුම් දීම හේතුවෙන් සහ අනෙකුත් අවශ්‍යතා සඳහා ද උප්පැන්න, විවාහ සහ මරණ සහතික පිටපත් මෑත කාලීන ඒවා ඉල්ලා සිටීම හේතුවෙන් එම සහතික නිකුත් කිරීමේ දැඩි ගැටලුකාරී තත්වයක් මතු වී තිබේ.

ශ්‍රී ලංකාව පුරා සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් ම මෙලෙස සහතික පිටපත් අයදුම් කරන පුද්ගලයන්ගෙන් පිරී ගොස් ඇත. රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එම සහතිකවල යම් සංශෝධනයක් ඇත්නම් පමණක් නව පිටපතක් ඉදිරිපත් කිරීම සිදුකළ යුතු බවයි. නැතිනම් දම් පැහැති රබර් මුද්‍රාව සහිත ඕනෑම පිටපතක් හැමදාටම වලංගු බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related articles

Recent articles

spot_img