-0.7 C
New York

දහම් පාසලේ සවාරිය, පාසල් සිසුවකුගේ මරණයකින් අවසන් වෙයි

Published:

දහම් පාසලකින් සංවිධානය කරන ලද සංචාරයක් අතරතුර උණවටුන රූමස්සල දී සිදුවූ අනතුරකින් ඊයේ (20) සවස පාසල් සිසුවකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පුෂ්පාරාම විහාරයේ දහම් පාසල විසින් සංවිධානය කරන ලද චාරිකාවක නිරතවෙමින් සිටි ඒ.එම්.ඒ.පී.අත්තනායක නමැති පාසල් සිසුවෙකි. ඔහු උඩුබද්දාව, කුලියාපිටිය පදිංචි  පදිචිව සිටි 16 හැවිරිදි අයකු බව අනාවරණය වී ඇත.

පොලිසිය පවසන්නේ සිසුන් සියයකට වැඩි පිරිසක් මෙම විනෝද චාරිකාවේ නිරතව ඇති බවයි. ඔවුන් ගාල්ල කොටුව නරඹා ඉන් අනතුරුව රූමස්සල සාම චෛත්‍යය වෙත යමින් සිටිය දී බස් රථයෙන් හිස එළියට දමාගෙන සිටි මෙම සිසුවාගේ හිස බසයත් මාර්ගය අයිනේ තිබූ විදුලි කණුවක් අතර සිරවී ඇති බවයි.

බසය ධාවනය වෙද්දී ඉදිරියෙන් ආ රථයකට ඉඩ දීමට පිටුපසට ගැනීමේ දී මෙම අනතුර සිදුව ඇත. සිසුවා බසයේ පිටුපස ආසනයේ සිට හිස එළියට දමා ඇතැයි පොලිසිය පවසයි.

තුවාල ලැබූ සිසුවා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගියේය.

පසුව බරපතල තුවාල ලබාසිටි සිසුවා කරාපිටිය රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇත.පශ්චාත මරණ පරික්ෂණය හෙට කරාපිටිය රෝහලේදි පැවැත්විමට නියමිතය.

Related articles

Recent articles

spot_img