පසුගිය 2022 වර්ෂයේ දී ලියාපදිංචි වී සිටි බෞද්ධ භික්ෂූන් වහන්සේලා 1890ක පිරිසක් සිවුරු හැරදමා උපැවදි සහතික ලබාගෙන ඇතැයි බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
මෙම වාර්තාව ලබා දී ඇත්තේ පාර්ලිමේනතුවටය.
1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාකම් ආඥා පනතේ 41 වැනි වගන්තිය අනුව සාමණේර භික්ෂූන් සහ උපසම්පදා භික්ෂූණ සඳහා ලියාපදිංචියක් ලබාදෙයි. එ් අතරින් යම් භික්ෂුවක් සිවුරු හැරදමා නැවත සාමාන්‍ය ගිහි ජීවිතයට පිවිසෙන්නේ නම් ඊට අදාල වූ උපැවදි සහතිකයක් ලබාගත යුතු අතර එමගින් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය අහිමිවන අතර සාමාන්‍ය පුරවැසියකුට මෙන් ජාතික හැඳුනුම්පත්, විදේශ ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර ආදිය ලබාගැනීමේ අවස්ථාව හිමිවෙයි.
බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව දැක්වෙන්නේ 2022 ජනවාරි 01 වැනි දා සිට දෙසැම්බර් 31 වැනි දා දක්වා කාලයේ දී සාමණේර හිමිවරු 3286ක් ලියාපපදිංචි කර ඇති බයි. එමෙන්ම උපසම්පදා භික්ෂූන් 1831ක් ද ලියාපදිංචි කර ඇති අතර භික්ෂු හැඳුනුම්පත් 154ක් නිකුත් කර තිබේ. එම කාලසීමාවේ දී සිවුරු හැරගොස් උපැවිදි සතිකය ලබාගත් පිරිස 1890කි.



