-1.6 C
New York

කොරෝනා උප ප්‍රභේද දෙකක් වේගයෙන් පැතිරෙයි

Published:

කොරෝනා වයිරසයේ ඔමික්‍රෝන් උප ප්‍රභේද දෙකක් ඉතාමත් වේගයෙන් පැතිර යන බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි.

බ්‍රිතාන්‍ය වෛද්‍ය කණ්ඩායමක් විසින් හඳුනාගනු ලැබූ EG.5 – Eris උප ප්‍රභේදය ඉන් එක් වර්ගයක් වන අතර අනෙක් උප ප්‍රභේදය BA.2.86 ලෙස නම්කර තිබේ.

BA.2.86 උප ප්‍රභේදය මේ වනවිට ඇමෙරිකාවෙන්, ඩෙන්මාර්කයෙන් සහ ඊශ්‍රායලයෙන් හමුවී තිබේ.

ඇමෙරිකාවේ EG.5 – Eris උප ප්‍රභේදය ද ව්‍යාප්ත වන බව එරට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා ඇත.

ගෝලීය වශයෙන් සිදුවුණු සාර්ථක එන්නත්කරණ වැඩසටහන හේතුවෙන් වයිරසයේ හානිදායක මට්ටම අඩුකරගැනීමට හැකියාව ලැබිණි. ‘ඔමික්‍රෝන්’ යනු එසේ සැර බාල වුණු ‘කොවිඩ් 19’ වයිරසයේ එක් ප්‍රභේදයකි. මෙම නව උප ප්‍රභේද දෙක ද සාමන්‍ය උණ, හෙම්බිරිස්සාව, කැස්ස ඇතිකරන බවත් සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

Recent articles

spot_img