-2.5 C
New York

ඕස්ට්‍රේලියාවේ දී දැරියන් අපයෝජනය කළැයි භික්ෂුවක් අධිකරණයට

Published:

ගැහැනු ළමයින් කිහිප දෙනකු අපයෝජනයට ලක්කිරීමේ චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් අධිකරණයක දී බෞද්ධ භික්ෂුවක් ඇප මත මුදාහැර ඇති අතර නොවැම්බර් මස 10 වැනි දා නැවත නඩුව විභාග කිරීමට නියමිතව තිබේ.

මෙලෙස ඇපමත මුදාහැර ඇත්තේ මෙල්බර්න් නගරයට ගිනිකොණ දිගින් පිහිටි ධම්ම සරණ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස කටයුතු කළ නාඔටුන්නේ විජිත නමැති බෞද්ධ භික්ෂුවකි. 1996 වර්ෂයේ සිට 2004 වර්ෂ දක්වා කාලයේ දී එවකට වයස අවුරුදු 16ට අඩු දරුවකුට ලිංගික අතවර කිරීම, වයස අවුරුදු 16කට අඩු දැරියක සමඟ අශෝභන ලෙස හැසිරීම ඇතුළු චෝදනා 13ක් යටතේ මෙම භික්ෂුවට විරුද්ධව චෝදනා ගොනුකර තිබිණි.

ඔහු එවකට කීස්බරෝ විහාරස්ථානයේ දී පැමිණිලිකරුවන් සමඟ සම්බන්ධතා පවත්වා ඇති බව පොලිසිය චෝදනා කරයි.

දැරියන් කිහිප දෙනෙකු මෙම භික්ෂුව විසින්,  අනිසි ලෙස ස්පර්ශ කළ බවට වික්ටෝරියා පොලිසියේ ලිංගික අපරාධ මර්ධන අංශයේ පරීක්ෂකයන් විසින් විජිත හිමියන්ට චෝදනා කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තාකරයි. 

මෙම නඩුව ලඝු නඩුවක් ලෙස අධිකරණයට ගොනුකර තිබුණු අතර චෝදනා ලැබූ භික්ෂුව ඊයේ (18) චීවරයකින් සැරසී එම නඩු විභාගය සඳහා අධිකරණයට පැමිණි සිටියේය. විහාරස්ථානයේ දායකයන් කිහිප දෙනකු ද මෙම අවස්ථාවට පැමිණ සිටි අතර භික්ෂුවට කතා කිරීමට හෝ ආයාචනා කිරීමට හෝ අවස්ථාවක් නොවුණි.

විහාරස්ථානයේ වෙබ් අඩවියට අනුව, විජිත හිමි 1993 දී ඕස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ ස්ප්‍රිංවේල් හි ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථානයේ නේවාසික භික්ෂුව ලෙසිනි. පසුව පසුව ඔහු 2001 දී Keysborough හි නව විහාරස්ථානයකට ගොස් තිබිණි. සිංහල භාෂා පන්ති සඳහා සිසුන් සහභාගී වන එහි දහම් පාස‍ලේ විදුහල්පතිවරයා ලෙස ද කටයුතු කරන්නේ මෙම භික්ෂුවයි. මෙම ඉරිදා දහම් පාසලේ ළමයින් 300ක් පමණ ඉගෙනුම ලබන අතර රෝස පැහැති මකන කැබලි සහ පැන්සල් පෙට්ටි ලබා දෙමින් ඔහු ළමයින් රවටාගෙන ඇතැයි ද පොලිසිය අධිකරණයට දැනුම් දී තිබේ.

රාමඤ්ඤ නිකායේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සංඝනායක ඇතුළු තනතුරු රැසක් මෙම භික්ෂුව විසින් දරනු ලබයි

සිවුරකින් සැරසී අධිකරණයේ සිටි එම භික්ෂුව අධිකරණයෙන් පිටව ගියේ සිවුර වැසෙන පරිදි කබායකින් සැරසී‍ගෙනය

https://www.abc.net.au/news/2023-08-18/naotunne-vijitha-nayaka-thero-buddhist-monk-child-sex-charges/102747926

Related articles

Recent articles

spot_img