spot_img

ප්‍රශ්නකාරී වාර්තා දුන් අධිකරණ වෛද්‍යවරයාට අනිවාර්ය නිවාඩුවක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තාවකාලිකව සේවය අත්හිටුවා තිබිය දී, නීති විරෝධී ලෙස ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ලබාදුන් අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුහුල් හක් අනිවාර්ය නිවාඩු යවා තිබේ.

මෙම තීරණය සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිර්දේශය ද ලැබී ඇතැයි වාර්තා වේ.

වෛද්‍ය රුහුල් හක් දිනේෂ් ෂාෆ්ටර්ගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර එහි දී පරස්පර විරෝධී වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන් තාවකාලිකව සේවය අත්හිටුවීමකට ලක්විය. එසේ සේවය අත්හිටුවා තිබිය දී  රිජ්වේ ආර්යා රෝහලේ දී වකුගඩු සැත්කමකින් මියගිය තුන් හැවිරිදි දරුවාගේ මරණය සම්න්ධයෙන් ද ඔහු විසින් ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්සණ වාර්තාවක් ඉදිරිපත් කර තිබිණි. එම වාර්තාව ඉදිරිපත් කර තිිබුනේ සේවය තාවකාලිකව අත්හිටුවා තිබිය දී ය.

ඊට පෙර ද 2013 වර්ෂ‍ේය දී කොළඹ පුද්ගලලික රෝහලක සිදු වූ පස් හැවිරිදි දැරියකගේ මරණය, වර්ෂ 2014 දී නිදහස් වෙ‍ළඳ කලාපයේ සේවකයකු ආහාර විෂ වී මියයාම වැනි සිද්ධීන් සම්බන්ධයෙන් ලබාදුන් ආන්දෝලනාත්මක සහ පරස්පර විරෝධී වාර්තා ලබාදීම සම්න්ධයෙන් ගැටලු මතු වී තිබිණි.

ෂාෆ්ටර්ගේ මරණ පරීක්ෂණ වාර්තාව හේතුවෙන් ඔහු වෙත පනවා ඇති තාවකාලික වැඩ තහනම හෙට (20) අවසන් වීමට නියමිතව තිබිණි. එවැනි තත්වයක් තුළ මේ වනවිිට ඔහු අනිවාර්ය නිවාඩු යවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles