spot_img
spot_imgspot_img

වනිදුගේ විස්මිත පන්දුයැවීමෙන්, කැන්ඩි කණ්ඩායමට අවසන් තඟයට ළං කරයි

පුවත්

විදෙස්

වනිඳු හසරංගගේ වාර්තාගත පන්දුයැවීම හේතුවෙන් ඊයේ (17) පැවැති තරඟයෙන් ඉතා පහසු ජයග්‍රහණක් ලැබූ බී-ලව් කැන්ඩි කණ්ඩායම, මෙතෙක් සෑම තරඟවලියක ම ශූරයන් වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තරඟාවලියෙන් පිටතට ඇද දැමීමට සමත්විය.

ලකුණු 189ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ලකුණු 127කට දවා ගනිමින් කැන්ඩි කණ්ඩායම මේ ජයග්‍රහණය ලබාගනිද්දී වනිඳු පන්දු යැවීමෙන් පහසුවෙන් බිඳ හෙළිය නොහැකි වාර්තාවක් තැබුවේය. ඒ පන්දු 20ක දී ලකුණු 09කට කඩුලු 06ක් දවාගනිමිනි.

පළමුවෙන් පන්දුවට පහරදුන්  කැන්ඩි කණ්ඩයමේ මොහොමඩ් හාරිස් (79) සමඟ එක් වූ දිනේෂ් චන්දිමාල් (41) ඉනිමට සවිමත් අඩිතාලමක් දැමුවේය. ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 08ක් දැවී ලකුණු 188ක් ලබාගැනීමට සමත්විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ජැෆ්නා කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ෂොයිබ් මලික් ය. ඔහු පන්දු 23කින් ලකුණු 31 ලබාගත්තේය. ඩේවිඩ් මිලර් පන්දු 20කින් ලකුණ 26ක් රැස්කළේය.

ජැෆ්නා කණ්ඩායමේ ක්‍රීඩකයන් 06 දෙනකුට ම ලකුණු 05 සීමාව පසුකර යාමට නොහැකි වීම විශේෂත්වයකි.

වාර්තාගත පන්දුයැවීමක නිරත වූ වනිඳු පන්දුවාර 3.2ක දී ලකුණු 09කට කඩුලු 06ක් දවාගත්තේය.

ඒ අනුව කැන්ඩි කණ්ඩායම සහ ගෝල් කණ්ඩායම අතර හෙට (19) පැවැත්වෙන දෙවැනි අවසන් පූර්ව තරඟයෙන් ජයගන්නා කණ්ඩායම ලබන 20 වැනි දා එල්පීඑල් තරඟාවලියේ අවසන් මහා තරඟයේ දී දඹුල්ල අවුරා කණ්ඩායම සමඟ තරඟවැදීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!