-3.4 C
New York

පාසල් සිසුන් දෙදෙනකු, ජලය පිරි වළකට වැටී මරුට

Published:

පාසල් සිසුන් දෙදෙනකු වව්නියාව විශ්වවිද්‍යාලය ආසන්නයේ ජලය පිරුණු වළකට වැටී මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 14ක සහ 15ක දරුවන් දෙදෙනෙකි.

වව්නියාව මුස්ලිම් මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන මෙම සිසුන් දෙදෙනා අද (17) එල්ලේ තරඟයක් සඳහා වව්නියාව විශ්වවිද්‍යාල ක්‍රීඩාංගණයට ගොස් ආපසු නිවෙස්වෙත එමින් සිටිය දී මේ අනතුරට ලක්ව ඇත.

පූවරසන්කුලම් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

Recent articles

spot_img