4.4 C
New York

පාසල් නිවාඩු ඇරඹෙද්දී, විභාග දෙපාර්තමේන්තුව වැඩ අරඹයි

Published:

අගෝස්තු පාසල් නිවාඩුව අද (17) දිනයේ පාසල් අවසන්වීමෙන් පසු ආරම්භවන අතර එම නිවාඩු දින 10 තුළ 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ පළමු අදියරේ ඇගයීම් කටයුතු ආරම්භ වෙයි.

මේ බව විභාග දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක ලසික සම‍රකෝන් තහවරු කළේය. ඔහු පවසන්නේ ලබන 27 වැනි දා දක්වා ඇගයීම් කටයුතු සිදුකරන බවයි. එම ඇගයීම් කටයුතු ලබන 27 වැනි දා දක්වා පැවැත්වෙන බවත් පාසල් නිවාඩු දින 10 තුළ ඇගයීම් කටයුතු අවසන් කළ හැකි බැවින් ඇගයීම් මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා පාසල් අමතර වසා තැබීමට අවශ්‍ය නැතැයි ද හෙතෙම කීවේය.

Related articles

Recent articles

spot_img