දියවන්නා ඔයේ දී ඔරුවක් බෝට්ටුවක ගැටීමෙන් පුද්ගලයකු අතුරුදන්ව එක් පුද්ගලයකු දිවි ගලවාගෙන ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ දියවන්නා ඔයේ මසුන් මැරීමේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙකි. ඔවුන් පොල්දූව පාලමට යටින් ඇති ආරක්ෂිත දැල ඉවත්කර පාර්ලිමේන්තු ආරක්ෂිත කලාපයට සිය ඔරුව ඇතුළු කරගෙන ඇති බවත් එම කලාපයේ මුර සංචාරයේ යෙදෙන ආරක්ෂක අංශ බෝට්ටුවක ඔවුන් ගැටී ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

ඔරුවේ සිටි දෙදෙනාම දියට වැටී ඇති අතර ඉන් එක් අයකු දිවිබේරාගෙන තිබේ. අතුරුදන්ව ඇත්තේ බුත්ගමුප පදිංචි 26 හැවිරිදි දෙදරු පියෙක් බව ද පොලිසිය පවසයි. අතුරුදන් වූ තැනැත්තා සෙවීමේ කටයුතු නාවික හමුදා කිමිදුම්කරුවන් විසින් සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here