-1.6 C
New York

ගෝල් ටයිටනස් අවසන් වටයට

Published:

කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම කඩුලු 08කින් පරාජයට පත්කළ ගෝල් ටයිටන්ස් කණ්ඩායම ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට සමත්විය.

තරඟගාවලියේ අවසන් සහ 20 වැනි තරඟය ලෙස මෙය ආර්.ප්‍රේමදාස පිටියේ දී ඊයේ (15) පැවැත්විණි.

එම ජයග්‍රහණයත් සමඟ තරඟ 08කින් තරඟ 04ක් ජයගත් ගෝල් ටයිටන්ස් පිල ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමිකරගැනීමට සමත්විය. කලම්බු ස්ට්‍රයිකර්ස් පිලට මෙම පරාජය සමඟ තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය.

පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිල පන්දුවාර 15.4ක දී ලකුණු 74කට සියලු දෙනා දැවී ගියේය. කිසිදු පිතිකරුවකුට ලකුණු 15 සීමාවට පැමිණීමට නොහැකි වූ අතර ලහිරු උදාර සහ නවනිඳු ප්‍රනාන්දු ලකුණු 14 බැගින් ලබාගත්හ. තබ්‍රේස් ශම්සි කලම්බු ඉනිම විනාශකරමින් ලකුණු 20කට කඩුලු 04ක් දවාගත් අතර සීක්කුගේ ප්‍රසන්න ලකුණු 14කට කඩුලු 03ක් ද ලහිරු කුමාර ලකුණු 09කට කඩුලු 02ක් ද දවාගත්තේය.

ලකුණු 75ක ඉතාමත් පහසු ඉලක්කයක් හඹා ගිය ගෝල් ටයිටන්ස් පිල ඕවර 8.3ක දී කඩුලු 02ක් පමණක් දැවී ලකුණු 75ක් රැස්කරගත් අතර ලසිත් කෲස්පුල්ලේ නොදැවී ලකුණු 42ක් සහ ශකිබ් අල් හසන් නොදැවී ලකුණු 17ක් ලබාගත්තේය.

Related articles

Recent articles

spot_img