spot_img
spot_imgspot_img

වසර 8,000කට පෙර වැව් ජලයේ නිවාස හැදූ මිනිස්සු

පුවත්

විදෙස්

“බෝල්කන් වල මුතු ඇටය” ලෙස හැඳින්වෙන Ohrid විලෙහි ඇල්බේනියානු ඉවුරු ප්‍රදේශයේ තිබී අදින් වසර 8,000කට පමණ පෙර ඉදිකරන ලද ජලාශ්‍රිත ජනාවාසයක නෂ්ඨාවශේෂ හමු වී තිබෙබ්.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙය ලොව මෙතෙක් සොයාගත් පැරණිතම ජලාශ්‍රිත ගම්මානය බවයි. එය ආරක්ෂා කරන ලද උල් සවිකරන ලද බළකොටුවකින් ද සමන්විත බව අනාවරණය වී තිබේ.

මෙම ගම්මානය සම්බන්ධයෙන් කරන ලද කාබන් කාල නිර්ණයෙන් තහවරු වී ඇත්තේ එය ක්‍රිස්තු පූර්ව 6000 සහ 5800 අතර කාලයේ දී නිර්මාණය කරන ලද්දක් බවයි. ඒ අනුව එම ගම්මානය අදින් වසර 8000ක් පමණ පැරණිය.

මෙම ස්ථානයේ පර්යේෂණ සිදුකර ඇතිථ ස්විට්සර්ලන්තයේ බර්න් විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය ඇල්බට් හැෆ්නර් පැවසුවේ “එය මධ්‍යධරණී සහ ඇල්පයින් ප්‍රදේශවල කලින් දැන සිටි ජලාශ්‍රිත වාසස්ථානවලට වඩා වසර සිය ගණනක් පැරණි යි.” යනුවෙනි.

හැෆ්නර් සහ ඔහුගේ ස්විට්සර්ලන්ත සහ ඇල්බේනියානු පුරාවිද්‍යාඥයින් කණ්ඩායම පසුගිය සිව් වසර පුරා උතුරු මැසිඩෝනියාවේ සහ ඇල්බේනියාවේ කඳුකර මායිමේ ඔරිඩ් විලෙහි මෙම කැණීම් සිදු කර ඇත.

මෙහි වැවේ මතුපිටට ඉහළින් හෝ නිරන්තරයෙන් ජලයෙන් යටවන ප්‍රදේශවල ඉදිකරන ලද නිවාස 200-500ක් පමණ ඇති බව විශ්වාස කෙරේ.

ඇල්බේනියාවේ ඔරිඩ් විල පතුලේ ඇති පුරාවිද්‍යා ස්ථානයේ වැඩකර කිමිදුම්කරුවන්

ආරක්ෂිත බාධක ලෙස භාවිතා කරන ලද උල් සහිත ලෑලි දහස් ගණනකින් ජනාවාස වටකර ආරක්ෂිත කර ඇති බවට සාක්ෂි මෑතක දී කරන ලද පරීක්ෂණයකින් සොයාගන්නා ලදී.

“මේ ආකාරයෙන් ආරක්ෂා වීමට ඔවුන්ට වනාන්තරයක් කපා දැමීමට සිදුවන්නට ඇති” හැෆ්නර් පැවසීය.

නමුත් ගම්වැ සියන්ට තම ආරක්ෂාව සඳහා මෙතරම් පුළුල් බලකොටු ඉදිකිරීමට අවශ්‍ය වූයේ ඇයි? පුරාවිද්‍යාඥයන් තවමත් නොපැහැදිලි ප්‍රශ්නයට පිළිතුරක් සොයමින් සිටිති.

Ohrid විල ලෝකයේ පැරණිතම විල් වලින් එකක් වන අතර එය වසර මිලියනයකට වඩා වැඩි කාලයක් පවතී.

වෘත්තීය කිමිදුම්කරුවන්ගේ සහාය ඇතිව, පුරාවිද්‍යාඥයන් වැවේ පත්ලේ තිබී බොහෝ විට පොසිල කළ දැව කැබලි සහ වටිනා ඕක් කැබලි සොයා ගෙන ඇත.

ස්විට්සර්ලන්ත පුරාවිද්‍යාඥ ඇල්බට් හැෆ්නර් ඔරිඩ් විලෙන් ලබාගත් පැරණි දැව කඳන් පරීක්ෂා කරයි.

“මෙම ප්‍රාග් ඓතිහාසික අඩවියේ ව්‍යුහයට හානියක් නොවන පරිදි එහි ව්‍යුහය අවබෝධ කර ගැනීම සඳහා, අපි ඉතා සූක්ෂම පර්යේෂණ සිදු කරනවා. ඉතා සෙමින් හා ඉතා ප්‍රවේශමෙන් මේ කරුණු අනාවරණය කරගත හැකි වේවි.” ඇල්බේනියානු පර්යේෂකයන්ගේ කණ්ඩායමේ ප්‍රධානියා වන ඇනස්ටාසි වැඩිදුරටත් පැවසීය.

දැනට විද්‍යාඥයන් පවසන්නේ ගම කෘෂිකර්මාන්තය සහ ආහාර සඳහා ගෘහාශ්‍රිත පශු සම්පත් මත යැපුණු බව උපකල්පනය කළ හැකි බවයි.

එම ස්ථානයේ පර්යේෂණ කරන ඇල්බේනියානු පුරාවිද්‍යා මහාචාර්ය Ilir Gjepali පැවසුවේ “අපි විවිධ බීජ, ශාක සහ වන සතුන්ගේ සහ ගෘහාශ්‍රිත සතුන්ගේ ඇටකටු සොයා ගත් බවයි.

නමුත් මෙම පරිශ්‍රය සම්පූර්ණයෙන් ගවේෂණය කර අධ්‍යයනය කර අවසන් නිගමනවලට එළඹීමට තවත් දශක දෙකක් ගතවනු ඇත.

Anastasi ට අනුව, සෑම කැණීම් චාරිකාවක්ම වටිනා තොරතුරු ලබා දෙන අතර, වසර දහස් ගණනකට පෙර Ohrid විලෙහි වෙරළ තීරයේ මිනිසුන්ගේ ජීවන රටාව පිළිබඳ අදහසක් අනාවරණය කිරීමට පුරාවිද්‍යාඥයන්ට හැකිවනු ඇත.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!