spot_img
spot_imgspot_img

රාජ්‍ය ඇමති චාමර සම්පත්ට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පුවත්

විදෙස්

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායකට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

මෙම පෙත්සම ගොනුකර ඇත්තේ පසුගිය දා රාජ්‍ය අමාත්‍යවරයාගේ  නියෝගයක් මත වැඩ තහනමට ලක්කෙරුණු සැපයුම් නිලධාරී එස්.ඒ.අබේසිරි විසිනි.

ලංකා පොස්පේට් සමාගම නිරීක්ෂණය කිරීම සඳහා රාජ්‍ය අමාත්‍යවරයා එහි ගිය මොහොතේ ඇති වූ උණුසුම් තත්වයක දී අමාත්‍යවරයා නියෝග කළේ අබේසිරි වංචා හා දූෂණවලට සම්බන්ධ බැවින් ඔහුගේ වැඩ තහනම් කරන ලෙසයි.

මෙම වැඩ තහනම් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි අබේසිරි විසින් පෙත්සම ගොනුකර ඇති අතර එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍යවරයාට අමතරව ලංකා පොස්පේට් සමාගමේ සභාපති, සාමාන්‍යාධිකාරී සහ අධයක්ෂ මණ්ඩල සාමාජිකයන් කිහිප දෙනකු ද නම්කර ඇත.

රාජ්‍ය අමාත්‍යවරයාගේ සංචාරයෙන් පසු ජූලි 18දා සිට සේවය තහනම් කළ බවට සැපයුම් නිලධාරි එස්. ඒ. අබේසිරිට ලංකා රාජ්‍ය පොස්පේට් ආයතනයේ සාමාන්‍යාධිකාරිවරයා විසින් ලිඛිතව දන්වා ඇත.

එම ලිපියෙහි වැඩිදුරටත් සඳහන් ව ඇත්තේ “ලංකා පොස්පේට් ලිමිටඩ් ආයතනයේ සැපයුම් නිලධාරි ලෙස කනිෂ්ඨ සේවා ගණයේ තනතුරක සේවය කරනු ලබන ඔබගේ සේවය ලංකා පොස්පේට් ලිමිටඩ් (රාජ්‍ය සමාගමේ) විනය පාලන නීති රීති 2006 (අ) සඳහන් නියමයන්ට අනුව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආයතන සංග්‍රහයේ II වැනි කාණ්ඩ හි XLVIII වැනි පරිඡේදයේ 31:1, 31:1:7, 31:1:8 හා 31:5:1 උප වගන්තීන් යටතේ පැවරී ඇති බලතල අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි වැටුප් රහිතව මෙයින් තහනම් කරනු ලැබේ යනුවෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!