කොළඹ කොටුව සිට පානදුරය දක්වා දුම්රිය මාර්ගයේ එක් මංතීරුවක් අද (11) සිට සිකුරාදා (13) දක්වා දින තුනක් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මීට හේතු වී ඇත්තේ කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර සිදුකරන හදිසි ඉදිකිරීමකි. මේ හේතුවෙන් දුම්රිය කිහිපයක් ධාවනයෙන් ඉවත්කර ඇති අතර ඒ වෙනුවට පානදුර සහ කොළඹ කොටුව අතර විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇත.
කොළඹ කොටුව සහ පානදුර අතර බස් රථ සේවා ක්‍රයාත්මක වන අතර රඹුක්කන, හලාවත, ගනේවත්ත, පොල්ගහවෙල, මහව සහ පුත්තලම සිට ගල්කිස්ස, මොරටුව, පානදුර සහ රත්මලාන ද්කවා ගමන් ගන්නා දුම්රිය කොටුව දක්වා පමණක් ගමන් ගනී.
එම දුම්රියවල පැමිණෙන මගීන්ට කොටුවේ සිට අදාළ ගමනාන්තය දක්වා යොදවා ඇති විශේෂ බස් සේවාවක් භාවිතා කළ හැකියි. එසේ ම පස්වරුවේ පානදුර, ගල්කිස්ස, මොරටුව ප්‍රේදශයේ සිට කොළඹ කොටුව දක්වා බස් රථ සේවාව යළි ක්‍රියාත්මක වෙයි. මෙම බස්රථ යොදවා ඇත්තේ පුත්තලම, පොල්ගහවෙල, හලාවත සහ රඹුක්කන දක්වා ගමන් ගන්නා මගීන්ට ඒවායේ පැමිණ කොටුවෙන් ආරම්භවන එම දුම්රිය සඳහා ගොඩවිය හැකි ආකාරයෙන් බව ද දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු පවසයි.
මේ අතර මුහුදුබඩ මාාර්ගයේ කාර්ය බහුල වේලාවන්වල දී ධාවනය වන දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව ද දුම්රිය දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ දැක්වේ.