-1.6 C
New York

ක්‍රිකට් තරඟ පාවාදීමේ පුද්ගලයන් රැසක් සම්බන්ධව, ශ්‍රී ලංකාවේ විශේෂ මෙහෙයුමක් ?

Published:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්ධන ඒකකයේ ප්‍රධානී ඇලෙක්ස් මාෂල් මෙරට නීතිපතිවරයාගෙන් තරඟ පාවාදීම් හා සම්බන්ධ ක්‍රීඩකයන් කෙරෙහි කටයුතු කරන ආකාරය පිළිබඳ උපදෙස් ලබාගෙන ඇතැයි වාර්තා වේ.

හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායකට තරඟ පාවාදීමේ චෝදනාවක් එල්ල වී ඇති අතර ඔහුගේ විදේශ ගමන් මාස 03ක කාලයක් සඳහා අත්හිටුවීමේ නියෝගයක් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් නිකුත් කර තිබේ. මීට පෙර පැවැති ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියක දී ක්‍රීඩකන් දෙදෙනකුට ඩුබායි සිට දුරකථ‍නයෙන් කතා කරමින් තරඟ පාවාදීමේ සිද්ධියක් සම්බන්ධ යෝජනා කර ඇතැයි ඔහුට චෝදනා එල්ල වී ඇතැයි ද වාර්තා වේ.

ඉදිරි දින කිහිපයේ දී තරඟ පාවාදීමේ විමර්ශනවලට අදාලව, අපරාධ චෝදනා යටතේ අධිකරණයට කරුණු වාර්තාකිරීමේ සූදානමක් ද පවතී.

මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ දී විවිධ තනතුරුවලින් පෙනී සිටිමින් කණ්ඩායම් වලට අනුයුක්තව ක්‍රීඩකයන් සමඟ සමීපව කටයුතු කරන කළමනාකරුවන්, මාධ්‍යවේදීන්, මෙන්ම මීට පෙර තරඟ පාවාදීමේ චෝකනා සහ දඬුවම් ලැබූ පිරිසක්  ඇතුළු සැකකටයුතු පිරිසක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අවධානය යොමුව ඇතැයි ද වාර්තා වේ.

එමෙන්ම මෙවර ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලිය පැවැත්වෙන්නේ ක්‍රීඩකයන් නිසි පරිදි බදු නොගෙවමින් සහ නිසි අවසරයක් නොමැතිව බව ද සාකච්ඡාවට ලක්ව ඇත.

Related articles

Recent articles

spot_img