1 C
New York

චැනල් අයි බදුදීමේ යෝජනාව, අමාත්‍ය මණ්ඩලයේ දී ප්‍රතික්ෂේප වෙයි

Published:

රූපවාහිනී සංස්ථාවේ චැනල් අයි නාලිකාව “ලයිකා” සමූූහ ව්‍යාපාරය වෙත පැවරීම සදහා ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් ඉදිරිපත් කර තිබූ අමාත්‍ය මණ්ඩල යෝජනාව අද (14) ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී ජනාමාධ්‍ය අමාත්‍යවරයාගේ එම යෝජනාව දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇත.

පසුගිය පෙබරවාරි 03 වැනි දා චැනල් අයි නාලිකාව පුද්ගලික ආයෝජකයකුට බදු දීම සඳහා ටෙන්ඩර් කැඳවීමේ නිවේදනයක් නිකුත් කර තිබිණි. එම අයදුම්පත්‍ර බාර ගැනීම පෙබරවාරි 17 වැනි දා අවසන් වූ අතර මිල ගණන් ඉදිරිපත් කළ ලයිකා සමාගමට චැනල් අයි නාලිකාව බදු දීමට ගිවිසුමක් ද අත්සන් කර තිබිණි නමුත් ඒ සඳහා රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හෝ පූර්ව අනුමැතියක් ලබාගෙන නැතැයි ද වාර්තා වේ.

එසේ ගිවිසුම් අත්සන් කිරීමෙන් පසුව ආවරණ නුමැතියක් ලබාගැනීම සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර තිබූ අතර එය අද (14) සාකච්ඡාවකට ගෙන තිබේ.

මෙම බදු දීමේ කිසිදු විනිවිදභාවයක් නැතැයි පවසමින් අමාත්‍යවරු එම යෝජනාව ප්‍රතික්ෂේප කර ඇත.

Related articles

Recent articles

spot_img