-0.7 C
New York

සෙල්ලම ලෙල්ලම වී, තරුණයා මරුට

Published:

ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ කළුතර සිට පානදුර දෙසට පසුගිය 06 වැනි දා අධික වේගයෙන් යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ධාවනය කළ තරුණයන් පිරිසක් අතර සිටි එක් තරුණයකු යතුරුපැදි අනතුරකින් මියගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ පානදුර, මෝදරවිල නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මිිහල් දේශාංජන පෙරේරා නමැති 19 හැවිරිදි තරුණයෙකි.

පසුගිය 06 වැනි දා අලුයම 2.30ට පමණ මෙම තරුණයන් විනෝදය සඳහා මෙලෙස අධික වේගයෙන් යතුරුපැදි සහ ත්‍රී රෝද රථ ධාවනය කර ඇත. එම අවස්ථාවේ දි එක් යතුරුපැදික් මාර්ගයේ පිහිටි විදුලි සංඥා කණුවක වැදී අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසයි.

අනතුරින් බරපතල තුවාල ලැබූ තරුණය‍ා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී ඊයේ (13) මිය ගියේය.

Related articles

Recent articles

spot_img