-0.1 C
New York

ආර්ජන්ටිනාවේ මැතිවරණයෙන් අනපේක්ෂිත පෙරළියක්

Published:

ආර්ජන්ටිනාවේ පැවැති මැතිවරණයේ මෙතෙක් ප්‍රකාශිත ඡන්වලින් වැඩි බහුතරය නව පක්ෂයකට හිමිව ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

ඊයේ (13) පැවැත්වූ මූලික මැතිවරණයෙන් දැනට ප්‍රකාශිත ඡන්දවලින් 90%ක් පමණ ගණන් කර අවසන්ව ඇති අතර ඉන් 30.5%ක් හිමිකරගනිමින් වැඩි බලයක් දිනාගැනීමට ආර්ථික විශේෂඥයකු වූ ජාවියර් මයිලේගේ නව පක්ෂයට හැකියාව ලැබී ඇත.

ඒ අනුව ආර්ජන්ටිනාවේ පාලක පක්ෂය 27%ක් සහ ප්‍රධාන විපක්ෂය 28% පසුපසට ඇද වැටී තිබේ. ‍දේශපාලන විචාරකයන් පවසන්නේ ඔක‍්තෝබර් මාසයේ පැවැත්වෙන මැතිවරණය දැඩි තරඟකාරී ස්වභාවයක් ගනු ඇති බවයි.

මේ වනවිට ආර්ජන්ටිනාව දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින අතර එහි උද්ධමනය 116%ක් බවට පත්ව ඇත.

Related articles

Recent articles

spot_img