Hohenheim’s විශ්වවිද්‍යාලයේ සහ Naturkunde Stuttgart කෞතුකාගාරයේ පාෂාණ විද්‍යාඥයින් දෙදෙනකු විසින් ජුරාසික් යුගයේ මියගිය මත්ස්‍යයකුට අයත් ෆොසිලයක් අධ්‍යයනය කිරීමේ දී එම සත්වයා විසින් ගිල දමා ඇති ආහාර ද්‍රව්‍ය පිළිබඳව ද අනාවරණය වී තිබේ.
එම විද්‍යාඥයන් පවසන්නේ මෙම ෆොසිල සත්වයා විශාල මුහුදු බෙල්ලකු ගිල දැමීම හේතුවෙන් මියගොස් ඇති බවයි.
මෙම පර්යේෂණය සිදුකර ඇත්තේ සැමුවෙල් කූපර් සහ එරින් මැක්ස්වෙල් යන විද්‍යාඥයන් දෙදෙනා විසිනි. ඔවුන්ගේ පර්යේෂණය පිළිබඳ තොරතුරු ජාත්‍යන්තර භූ විද්‍යා පර්යේෂණ සඟරාවේ ප්‍රකාශයට පත්කර ඇත.
Pachycormus macropterus ලෙස නම්කර ඇති මෙම ජුරාසික් මත්ස්‍යයාගේ ෆොසිලය සොයාගෙන ඇත්තේ ජර්මනියේ Posidonienschiefer Formation නම් ස්ථානයේ දී ය. එය වසර ලක්ෂ 1740-1820ත් අතර කාලයකට පෙර ජුරාසික් යුගයට අයත් බව තහවරු කරගෙන ඇත. එම යුගයේ දී මාළු යනු ඇක්ටිනොපෙටරිජියන් වර්ගයකි, ඒවා අස්ථි, කිරණ ලෙස විහිදෙන වරල් සහිත මාළු වර්ගයකි.
පර්යේෂකයන්ට පෙනී ගියේ මෙම මත්ස්‍යයාගේ උදරය විවිධාකාර ගොදුරු වලින් පිරී ඇති බවයි. වර්තමානයේ දක්නට ලැබෙන දැල්ලන් සහ අනෙකුත් කුඩා මසුන් මෙන් පෙනෙන මෘදු දේහ මොලුස්කාවන් පිළිබඳ සාක්ෂි මේ මාලුවාගේ උදරයේ තිබී ඔවුහු සොයා ගත්හ. දළ වශයෙන් සෙන්ටිමීටර 10 ක් පමණ දිගැති විශාල බෙල්ලකුගේ කවචයක් ද ඔවුන් සොයා ගත් අතර, එය දිරවා නැති බව පැහැදිළිව හඳුනාගත හැකිවිය. එයින් තහවරු වන්න් මෙම ෆොසිල මත්ස්‍යයා මුහුදු ලේලා ගිල දැමූ වහාම මියගොස් ඇති බවයි.
පර්යේෂකයන් සඳහන් කරන්නේ මත්ස්‍යයාට දිරවීමට නොහැකි තරම් විශාල වූ බෙල්ලකු ගිල දමා ඇති බවයි.
ඔවුන්ගේ අදහස වී ඇත්තේ මාළුවා විසින් වැරදි ලෙස හඳුනාගෙන ඇති බව හෝ නොදන්නා හේතුවක් නිසා එය කෙසේ හෝ උගේ මුඛයේ සිරවන්නට ඇති බවකි. එම අවස්ථාවේදී මාළුවාට උගේ මුඛයෙන් එය පිට කිරීමට නොහැකි වූ අතර, එය ගිල දැමීම හැර වෙනත් විකල්පයක් ඉතිරි නොවීය. එය සිදු වූ පසු, බෙල්ලාගේ කවචය අන්ත්‍රය වෙත ගමන් කිරීම අවහිර කළ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස තදබදයක් හෝ අභ්‍යන්තර රුධිර වහනයක් ඇති විය .
මාළුවාගේ මරණයට හේතුව එයයි. එම මරණයෙන් පසු , පර්යේෂකයන් අදහස් කරන්නේ මත්ස්‍යයා මුහුදේ පත්ලේ ඇති මඩෙහි ගිලී යන්නට ඇති බවයි. එය ඉතා හොඳින් සුරක්ෂිත වී තිබීම නිසා අද සිටින විද්‍යාඥයන්ට වසර කෝටි ගණනකට පසුව පවා එය විශ්ලේෂණය කිරීමට සාක්ෂි ඉතිරිව තිබේ.
විද්‍යාඥයින්ට වසර මිලියන ගණනකට පසුව සොයා ගැනීමට සාක්ෂි ඉතිරි කළේය.
වඳ වී ගිය පැකිකෝමිඩ් මත්ස්‍යයෙකුට මරු කැඳවූ අවසන් මාරාන්තික ආහාර වේලක් ලේඛනගත කළ පළමු අවස්ථාව මෙයයි. කෙසේ වෙතත් පර්යේෂකයන් යෝජනා කරන්නේ ජුරාසික් යුගයේදී කලින් සිතුවාට වඩා අස්ථි මාළු විසින්, මුහුදු බෙල්ලන් බහුලව අනුභව කර ඇති බවයි.