-1.6 C
New York

විදුහල්පතිනියගේ අත්තනෝමතික පාලනයට එරෙහිව උද්ඝෝෂණ

Published:

විදුහල්පතිනියගේ අත්තනෝමතික ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ ආදි සිසුන් සහ දෙමාපියන් පිරිසක් අද (10) උදෑසන එම විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබේ.

පාසලේ සිසු විනය සහ අධ්‍යාපන මට්ටම පිරිහෙමින් පවතින බවත් ඔවුහු චෝදනා කරති. පාසලේ මූල්‍ය අක්‍රමිකතා රැසක් සිදුවන බවත් ඔවුහු චෝදනා කරති. මේ පිළිබඳ අවදානය යොමුකර දූෂිත ආකාර්යක්ෂම පාලනය ඉවත්කිරීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන බලධාරීන්ගෙන් ඉල්ලා සිටිමින් ඔවුන් මේ උද්ඝෝෂණය ආරම්භ කර තිබේ.

මෙවැනිම උද්ඝෝෂණයක් පසුගිය 02 වැනි දා ද එම විද්‍යාලය ඉදිරිපිට දී පැවැත්විණි.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීමට අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයේ කාර්යාලයට දුරකථන ඇමතුම් ගත් විට එහි සිටින සේවිකාවක කියා සිටියේ විදුහල්පතිනිය සමඟ කතා කළ නොහැකි බවයි.

Related articles

Recent articles

spot_img