-2.5 C
New York

විදුහල්පතිනියගේ පුතාගේ විවාහයට පාසලක් වසා දමයි

Published:

වැලිඔය, ගජබාපුර මුලතිව් පරණගම විදුහලේ ගුරුවරයකු සහ ගුරුවරියක විවාහවීම හේතුවෙන් පාසල වේලාසනින් අවසන් කර සිසු දරු දැරියන් නිවෙස්වෙත යවා ගුරුවරු මංගල උත්සයට සහභාගී වී ඇතැයි දෙමාපියෝ චොදනා කරති.

මෙලෙස යුගදිවියට පිවිස ඇත්තේ එම පාසලේ විදුහල්පතිනියගේ පුතා සහ තවත් ගුරුවරියකි. එම යුවළම පාසලේ ස්වේච්ඡා ගුරුවරුන් බව ද දැනගන්නට ඇත.

ඊයේ මෙම විවාහ උත්සවය පැවති අතර ප්‍රාථමික අංශය උදෑසන 10.30ට සහ 6-11 දක්වා දරුවන් දහවල් 11.00 ට පාසලෙන් බැහැර කර ඇත.

විද්‍යාලයේ විදුහල්පතිනිය ආර්.කේ.ඇනස් ශ්‍රියාලතා වෙත ඇමතුමක් දී මේ ගැන විමසූ විට ඇය කියා සිටියේ සම්පත්නුවර දී විවාහ උත්සවය පැවැත්වෙන බැවින් එම ස්ථානයට පැමිණ මේ ගැන කතාකරගන්නා ලෙසයි. එසේ නොහැකිනම් සඳුදාට පාසලට පැමිණ ඇය හමුවන ලෙස ද ඇය කීවාය.

Related articles

Recent articles

spot_img