-2.5 C
New York

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (10) දිනයේ ගනුදෙනු 21,253ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 3,538ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 18ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 11,649ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 1,046
  • පීපල්ස් ලීසිං සමාගම රුපියල් මිලියන 369
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 172

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 32
  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම කොටස් මිලියන 28
  • පෑන් ඒෂියා බැංකුව කොටස් මිලියන 05

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • සිලෝන් ප්‍රින්ටර්ස් සමාගම 24%
  • නේෂන්ස් ලංකා සමාගම 20%
  • මහවැලි රීච් සමාගම 12%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම කොටස් 27.105ක් රුපියල් 36.00 බැගින්
  • ලංකා දුංකොළ සමාගම කොටස් මිලියන 25,000ක් රුපියල් 950.00 බැගින්
  • පීපල්ස් ලීසිං සමාගම කොටස් මිලියන 25ක් රුපියල් 11.20 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම රුපියල් බිලියන 285
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 268
  • එල්ඕඑල්සී සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 227

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 168ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,040ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 872ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.  

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • සම්පත් බැංකුව රුපියල් මිලියන 44
  • එන්ඩීබී බැංකුව රුපියල් මිලියන 34
  • කොමර්ෂල් බැංකුව රුපියල් මිලියන 21

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • කමර්ෂල් ක්‍රෙඩිට් සමාගම රුපියල් මිලියන 1,004
  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 03
  • කැපිටල් එලායන්ස් සමාගම රුපියල් මිලියන 03

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

spot_img